ඖෂධ මිල සියයට  29 කින් වැඩි කිරීමට මිල පාලන කමිටුව  අනුමැතිය ලබාදුන් බව

ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පාර්ලිමේන්තුවේදී  අද (11) පැවසීය.

 ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ, ඖෂධ ගාස්තු 29%කින් ඉහල දැමීම ආරම්භයක් පමණක් බවයි.

මේ වන විටත් අත්‍යාවශ්‍ය සුවිශේෂි ඖෂධ 50 කට ආසන්න ප්‍රමාණයක තොග අවසන් වී ඇති බැවින්, සාමාන්‍ය මිල අඩු අනුකරණ ඖෂධ කිහිපයකින් පමණක් සිය ප්‍රතිකාර සැලසුම් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ට සිදු වී ඇතැයි එම සංගමය කියා සිටියි.

එම සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ, මේ අනුව ඉදිරියේදී අතේ ඇති මුදලට අනූව ප්‍රතිකාරය තීරණය කරන්න රෝහල් වලට සිදු වනු ඇති බවයි.

 ඔහු තවදුරටත් මෙසේද පවසයි.

මිල අධික සියළු ඖෂධ සිය ප්‍රතිකාරය සදහා අවශ්‍ය වූ විට, ඒවා බාහිර ඖෂධහල් වලින් මිලදී ගැනීම, සාමාන්‍ය ක්‍රමවේදයක් බවට පත් වි ඇති තත්වයක් යටතේ මෙම මිල වැඩිවීම සමස්ථ සෞඛ්‍ය සේවාවටම අදාල මිල බරබතල අර්බුදයකි. මෙම මිල වැඩි කිරීමේ තීන්දුව හේතුවෙන් අත්‍යාවශ්‍ය සුවිශේෂි ඖෂධ මිල තවදුරටත් දෙගුණයක හෝ තුන් ගුණයක් දක්වා හෝ තරගකාරී මිල යටතේ දිනපතා මිල වැඩිවීමකට ලක්වීම නොවැලැක්විය හැකිය.

එය වනාහී, අතේ ඇති මුදලට අනූව ලැබෙන ප්‍රතිකාරය වෙනස් වන සෞඛ්‍ය සේවාවක් පවත්වා ගැනීමට රෝහල් කාර්‍යමණ්ඩලයට සිදු වනු ඇත.



මේ වන විටත් රජයේ රෝහල්හි ඖෂධ වර්ග පනහකට අධික සංඛ්‍යාවක තොග අවසන් වී ඇති අතර, එදිනෙදා අවශ්‍ය වන සාමාන්‍ය ඖෂධ කිහිපයක් සදහා පමණක් සුළු ප්‍රමාණ සැපයුම් කලද, ඒ සදහාද කිසිදු ස්ථිර වැඩපිළිවෙලක් මෙතෙක් අනුගමනය කර නොමැත.




භාණ්ඩ ප්‍රවාහන නැව් සහ ගුවන් යානා පැමිනීම විශාල ලෙස අඩුවී ඇති බැවින්, ඩොලර් ගැටළුවට අමතරව ඖෂධ තොග ප්‍රවාහන ගාස්තු දහ ගුණයක් දක්වා වැඩිවීමද, තෙල් මිල වැඩිවීමට අදාලව, රට තුල ප්‍රවාහන ගාස්තු ඉහලයෑම හේතුවෙන්, ඉදිරියේදී ඖෂධ මිල තවදුරටත් ඉහල යෑම සිදුවන අතර, රජය විසින් ඒ සදහා නිශ්චිත වැඩපිළිවෙලක් නොයදනු ලබන්නේ නම්, රට තුල නිදහස් සෞඛ්‍ය සේවාවක්  ක්‍රියාත්මක නොවන පරිසරයක් සඳහා ජනතාව සූදානම් විය යුතුය.
 

 

හලාවත දැඩි ඹෟෂධ හිඟයක්

මේ වන විට රටේ ප්‍රදේශ රැසක අත්‍යවශ්‍ය ඹෟෂධ වල හිඟයක් පවතින බව වාර්තා වේ.

ඇතැම් ඹෟෂධ හල වල පැනඩෝල් පෙත්තක් පවා නොමැති තත්වයකට පත්ව ඇති අතර  ඊට සමගාමිව රජයේ රෝහල් වලද ඹෟෂධ හිගයක් ඇති බව වාර්තා වෙයි.

හලාවත මහා රෝහලේ හා හලාවත නගරයේ ඹෟෂධ සැල් වල තත්වය 'mojo news යූ ටියුබ්' නාලිකාව මගින් වාර්තා කර ඇත්තේ මෙසේය.

 

'රටේ ඖෂධ හිඟයක් ඇතිවීමට කිසිසේත්ම ඉඩක් නැ' - චන්න ජයසුමන

කෙසේවුවද, ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පාර්ලිමේන්තුවේදී අද (11) පැවසුයේ, ඇතැම් ඖෂධ ගෙන්වීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට මුදල් අමාත්‍යාංශය අවශ්‍ය පහසුකම් සලසාදී ඇති බවයි.

රටේ ඖෂධ හිඟයක් කෘතිමව ඇතිවුණේ ඖෂධ මිල වැඩිවේ යැයි සිතා ඇතැම් අලෙවිකරුවන් ඖෂධ රඳවාගෙන සිටීම නිසා යැයිද  ඔහු සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පත් කළ මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

ඖෂධ මිල  කිසිම අයකුට හිතුවක්කාරි ලෙස පාලනය කළ නොහැකි බව සඳහන් කළ චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා, ආනයනකරුවන් සතුව මාස හතරකට ප්‍රමාණවත් ඖෂධ ඇති බවද ප්‍රකාශ කළේය.

රජයේ ගබඩාවල මාස හයකට ප්‍රමාණවත් ඖෂධ ඇති බවත් රටේ ඖෂධ හිඟයක් ඇතිවීමට කිසිසේත්ම ඉඩක් නැති  බවත් ඔහු පැවසීය.

 

 

 


ගෝඨා - විමල් යළි එක්වන ළකුණු! ! | අද ගොසිප් එක | The Leader TV
 




Leader Whats app

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා