ඉතිහාසයේ පළමුවරට ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවට සමලිංගික සහ සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයන්ට

එරෙහිව සිදුකරන පරිවර්තන චිකිත්සාව (Conversion Therapies) සහ මනෝ උපදේශකවරු නියාමනය කිරිම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනි කවීරත්න විසින් පෞද්ගලික මන්ත්‍රී යොජනාවක්  අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබු අතර ඒ සම්බන්ධයෙන් විවාදයක් ද පැවැත්විණ.

මෙම විවාදයට එක්වූ ආචාර්ය හරිනි අමරසුරිය, බුද්ධික පතිරණ මන්ත්‍රීවරුන් ඉතා ප්‍රගතිශීලී අදහස් දැක්විමක් සිදුකළේය.

පිළිතුරු කතාව කළ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මනෝ උපදේශකවරු නියාමනය කිරිම සම්බන්ධයෙන් අදාල යෝජනා පාර්ලිමේන්තුවට ගෙන ඒමට සහතික වූ නමුත්, සමලිංගික සහ සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයන්ට එරෙහිව සිදුකරන පරිවර්තන චිකිත්සාව සම්බන්ධයෙන් ප්‍රතිචාර නොදැක්විය.

ඒ සම්බන්ධයෙන් රෝහිනි කවීරත්න යළි ප්‍රශ්නකල අතර ඒ අනුව සමලිංගික, සංක්‍රාන්තික සමාජභාවය පුද්ගලයන්ට පමණක් නොව සමස්ථ ශ්‍රී ලාංකිකයන්ටත් බලපාන මනෝ ව්‍යාජ මනෝ උපදේශන මාෆියාව නැවැත්වීම කෙටුම්පතක් ලෙස ගෙන ඒමට විවාදය අවසානයේ තීරණය විය.

එමෙන්ම මහනුවර පොලිසියේ අමා දිසානායක යන අය විසින් සමලිංගික සහ සංකාන්තික සංක්‍රාන්තික සමාජභාව පුද්ගලයින්ට එරෙහිව සිදුකළ මානව හිමිකම් කඩ කිරීම පිළිබඳව ද මෙම විවාදයේදී විශේෂ අවධානය යොමු වූ අතර, එවැනි සිදුවීම් නැවත සිදු නොවීමට වගබලා ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් අද පාර්ලිමේන්තුවේ දී යොමු විය.

දෙවෙනි ව්‍යාජ මනෝ උපදේශකවරු නියාමනය කිරීම පිළිබඳව තවදුරටත් සංවාදයේ සඳහන් වූ අතර පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙම යෝජනාවට එකඟත්වය පළ විය.

 


ගෝඨා - විමල් යළි එක්වන ළකුණු! ! | අද ගොසිප් එක | The Leader TV
 




Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්