රටට සේවය කරන්න පාර්ලිමේන්තු යන්න ම ඕනැ ද? දේශපාලනයෙන් තොරව රටට සේවයක් කරන්න බැරි ද?


ඩිජිටල් ජල්තරකාරයන් පිරුණු සමාජයක ඩිජිටල් කැටයම්කාරයකු ලෙස නමක් දිනූ අමල් අත්තනායක පෙන්වා දෙන්නේ දේශපාලනය හා පාර්ලිමේන්තුවෙන් තොරව රටට සේවය කරන්න ඕනෑ තරම් මාර්ග තියෙන බව යි. අපේ රටේ සුළු පරිමාණ නිෂ්පාදකයන්, ව්‍යවසායකයන් ඉහළට ඔසවා තබන්න ඕනෑ තරම් ක්‍රමවේද තියෙන බව යි.

”හැබැයි මේවා ගැන හිතන අය නෑ. අවධානය යොමු කරන අය නෑ. මම හදන්නෙ එහෙම අය එකතු කරන්, රටට වැඩක් වෙන වැඩක් කරන්න”

අමල් අත්තනායකට ඔය කියන වැඩේ කරන්න පුළුවන් වෙයිද?

එහෙම වැඩකට මේ රටේ ඉඩකඩක් තියෙයි ද?

”මොකද බැරි? තරු පහේ හෝටල්වලට ගිහින් කෑම කන පින්තූර ෆේස් බුක් එකේ දාන සම්ප්‍රදාය මම වෙනස් කලේ ‘කනවා නම් කමු’ සයිබර් සමූහයෙන්.

රොටියයි, ලූණු මිරිසයි ආඩම්බරයෙන් ෆේස් බුක් දාන්න පුළුවන් සම්ප්‍රදායක් මම හැදුවා. ඉතින් මට මේ වැඩෙත් පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා.”

අමල් අත්තනායක දක්වන අපූරු අදහස් මේ.

Leader Whats app

 

 

 

 

  

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය