'මහ ජනතාවට පාරට බැසීම හැර වෙන කරන්න දෙයක් නෑ. ඔළුවේ ප්‍රශ්න ගොඩාක් තියගෙන කරන්න දෙයක් නැති නිසා ඉන්නවා. අද මේ රට ආහාර

ඇතුලු අර්බුද රැසකට මුහුණ දෙනවා. පසුගිය වසර දෙකේදි රජය තීන්දු තීරණ ගද්දී අපි සම්බන්ධ කර ගත්තේ නෑ'' යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බදුල්ලේදි පැවැසීය.


‍තෙල් මිල වැඩිවීමත් සමග මහ ජනතාව දේශපාලකයන් ප්‍රතික්ෂේප කර ජනතා උද්ඝෝණවලට පෙළඹෙනවා .

මේ ආණ්ඩුව පක්ෂ 13කින් හදද්දී මමත් සභාපතිවරයෙක් විදියට පත් කරගත්තත් ඉන්පසුව කිසිම දෙයකට මා සම්බන්ධ කර ගත්තේ නෑ.

සිරිමාවෝ බණ්ඩාරනායක යුගයෙන් පසු මේ රටට හරි ප්‍රතිපත්තියක් ගෙනාවේ මගේ ආණ්ඩුව විතරයි. මම ප්‍රජාත්‍රන්ත්‍රවාදීව රට ගෙන ගියා ලෝකයේ සියලුම රටවල් මට උදව් කළා මම 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝදනය ගෙනත් රටේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය ඇති කළා. නමුත් මම දුෂයෙන් තොර රටක් හදන්න බලාපොරොත්තු වුණත් ඒක මට කරන්න බැරි වුනා.

විදුලිය, ගෑස් නැතිව කෙළඹ නාගරික පංතියත් බඩගින්නේ ඉන්නවා. ජනතාවට තෙල්, ගෑස්,විදුලිය නැතිව ආහාර අර්බුදයකට පත්ව අසරණ වී සිටිනවා. ජනතා විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙනවා. මුළු රටම අද කදුලින් ඉන්නේ මේ අයට ඒවා තේරෙන්නේ නෑ.''


හිටපු ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත සමුළුව අමතමිනි.  බදුල්ල පුස්තකාල ශ්‍රවනාගාරයේදි පැවැති මෙම උත්සවය කම්කරු ඇමති නිමල් සිරිපාලද සිල්වා සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක විසින් සංවිධානය කර තිබිණ.
 
275664952 508381257323919 1374830848247825548 n275702792 508381297323915 1146324502851533158 n275504434 508381193990592 7351873685685126763 n

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්