පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ දැමූ ආණ්ඩුව ජනතාවට තවත් 'බැට' දීමට සූදානම් වන බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී

පාඨලී චම්පික රණවක (PCR ) පවසයි.

තම නිල ෆේස් බුක් පිටුවට වීඩීයෝවක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ජනතාව පෙලන මේ සහගහන විදුලි බිල් සහ තෙල් බිල්වලට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා නැගිටීමක් අවශ්‍ය බවය.

'' ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කරලා තියෙනවා අති විශාල වැඩි කිරීමක් විදුලිබල ක්ෂේත්‍රයේ. අද විදුලි පාරිභෝගිකයෝ ලක්ෂ 75 ක් (මිලියන 7.5 ක්) පමණ විදුලි පාරිභෝගිකයන්ගෙන් මිලියන 6.5කට ආසන්න ප්‍රමාණයක් සාමාන්‍ය ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්.  කර්මාන්ත 72,831ක් පමණ. ප්‍රධාන මට්ටමේ හෝටල් 665 ක් තියෙනවා.  රජයේ ආයතන 10,385ක් තියෙනවා. පන්සල් පල්ලි, කෝවිල් 46,375 ක්, කඩ සාප්පු සහ පොදු දේවල් 884,000 කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා.

මේ ඔක්කොම ලක්ෂ 75 ක් විදුලි පාරිභෝගිකයන් ඉන්නවා. ඉන් ලක්ෂ 65 කට ආසන්න ප්‍රමාණයක් ම ඉන්නේ එදිනෙදා දෛනික නිවාස වල අර්ධ නිවාස වල ඉන්න ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්."

 

විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට ලබාදුන්නාය කියන යෝජනාවෙන් යෝජනා කෙරෙන්නේ ඉතාම දුගී/ ඉතාම අඩුවෙන් විදුලි පරිභෝජනය කරන ඒකක 0 සිට 30 දක්වා විදුලි පරිභෝජනය කරන 13,89,000 කට ආසන්න පිරිසකගේ විදුලි බිල 499% ගුණයකින් - ආසන්නයෙන් පස් ගුණයකින් වැඩි කිරීමට බව හිටපු අමාත්‍යවරයා මෙහිදී හෙළිදරව් කළේය.

 

#  "ඒකක 31 - 60 දක්වා ආසන්නයෙන් 17,00,500 (දාහත් ලක්ෂ පන්සීයකට ආසන්න ප්‍රමාණයක්) විදුලි පාරිභෝගිකයන්ගෙ විදුලි බිල 350% කින් (තුනහමාර ගුණයකින්) වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා.

#  ඒකක 60-90 විදුලි පාරිභෝගිකයන් 16,93,000 (දාසය ලක්ෂ අනූ තුන්දාහක්) පමණ පිරිස සම්බන්ධයෙන් 166% කින් විදුලි බිල වැඩි යෝජනා කරලා තියෙනවා.

#  ඒකක 90 ට වඩා අඩු කණ්ඩායමේ තමයි අති විශාල පිරිසක් ඉන්නේ, ආසන්නයෙන් 2/3 ක් විදුලි පරිභෝගිකයෝ ඉන්නේ මේ ඒකක 90 ට වඩා අඩු පිරිස ඇතුලේ.  

#  ගෘහස්ථ සාමාන්‍ය අගය ගත්තොත් 78% කින් වැඩි කරන්න යෝජනා කොට තිබෙනවා.  ඒකක 180 ට වඩා විදුලිය පාවිච්චි කරන අයගෙන් අය කරන්න යෝජනා කරලා තියෙන්නේ 18% ක් පමණයි.

 

ඒ කියන්නේ ඇති හැකි අයට ඉතා අඩුවෙනුත් නැති බැරි අයට 500%නුත් වැඩි කරන ප්‍රතිපත්තියක් තමයි දැනට බලශක්ති අමාත්‍යාංශයෙන් යෝජනා කරලා තියෙන්නේ."

 

කඩසාප්පු හිමියන්ගෙන් ආසන්න වශයෙන් 28% ක විදුලි බිල වැඩි කිරීමක් යෝජනා කොට තිබෙන අතර, හෝටල් සඳහා යෝජනා වී ඇත්තේ 27% ක වැඩි කිරීමකි.

කර්මාන්ත ක්ෂේත්‍රයේ 40% ක වැඩිකිරීමක් ද, සිදු කිරීම මගින් තම ආදායම 60% කට ආසන්න ප්‍රමාණයකින් වැඩි කරගැනීම විදුලිබල මණ්ඩලයේ අපේක්ෂාව ය.

විදුලි බිල වැඩිකිරීමක් සිදු කිරීමට යන්නේ නම් මහජන උපයෝගීතා කොමිසම මහජනයා සමග සංවාදයක් නිසැකවම ඇති කරගත යුතු බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.


# "විදුලිබල මණ්ඩලයේ තියෙන අකාර්යක්ෂමතාවයන්, දූෂණයන් සහ අනෙකුත් සියලු කාරණා මේ සංවාදයට ඇතුළත් විය යුතුයි. විශේෂයෙන්ම විසිහතර පැයම, ගුණාත්මකව විදුලිය දෙන්න බැරි ආයතනයක් විදුලිබිල වැඩි කිරීමට ඉල්ලීම කොච්චර යුක්ති සහගතද කියන එකත් අපි සලකා බැලිය යුතුයි.

 

# ඒ වගේම සමාජ සාධාරණත්වයේ මූලධර්මය දුගියට 500% කින් වැඩි කරලා, ඇති හැකි අයට 18% කින් වැඩි කරන්න, යෝජනා කිරීමම මොන තරම් අයුක්තිසහගත දෙයක්ද කියන එක ඉතාම පැහැදිලියි."


"ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පහුගිය අවුරුදු දෙකහමාරක කාලය තුළ වලට දැම්මා. වලට දාලා දැන් ඒකේ බර ජනතාවට ලංකා විදුලිබල මණ්ඩලය වලට දැම්මා. ඒ වලට දැමීමේ බර දැන් ජනතාව පිට පටවන්න හදනවා.


ෂෙඩ්වල පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් නැතුව තෙල් මිල වැඩි කරන්න කතා කරන එක කොච්චර යුක්ති සහගතද?

ස්විච් එක දැම්මාම විදුලිය නැතුව විදුලිය වැඩි කරන්න කතා කරන එක කොච්චර යුක්ති සහගතද?

ඒකෙනුත් පීඩිතයට සාමාන්‍ය මිනිහට බලපාන ආකාරයට මේවා වැඩි කිරීම කොච්චර යුක්ති සහගතද?" යනුවෙන් පාඨලී චම්පික රණවක මහතා ප්‍රශ්න කරයි.



මහජනතාවට තවදුරටත් මේ තත්ත්වය දරාගත නොහැක. එබැවින් පැහැදිලි තීන්දුවක් ගත යුතු මොහොත එළඹ තිබේ. කළයුත්ත වන්නේ ආයතන කළ හැකි අය වෙත භාර දී වත්මන් පාලකයන් ගෙදර යෑමය. පාර්ලිමේන්තුවට මෙන්ම මහජනතාවට ද මෙහි වගකීමක් පවතී.



දැන උගත්, අදාළ ආයතන කළ පුරුදු,  පළපුරුදු වෘත්තීය මට්ටමේ පිරිසට වගකීමක් තිබේ. ඒ වගකීම් ඉටුකිරීම සඳහා ඉදිරියට එන ලෙස ද රණවක ආරාධනය කරයි.


"මේ සහගහන විදුලි බිල්, තෙල් බිල්වලට විරුද්ධව නැගිටින්න. එක පවුලක් නඩත්තු කිරීම බඩගින්නේ ඉඳගෙන, අව්වේ වේලි වේලි පෝලිම් වල ඉඳගෙන, දුක් විඳගෙන, තමන්ගේ දරුවන්ට කිරිපිටි නැතුව, ඖෂධ නැතුව තවත් දුක් විඳින්න එපා. ඔබේ නැගිටීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කිරීම සඳහා අවශ්‍යම මොහොත රටට උදාවෙලා තියෙනවා."





අත්‍යවශ්‍ය බදු මිල ඉහළයාම සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය වෙත විරෝධය පළකරමින් සමක මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයක් එල්ල වෙමින් තිබේ. පහත දැක්වෙන්නේ තරුණ කොටස් සිය විරෝධය පළකර ඇති ආකාරයයි.

 
 
 
 PHOTO 2022 03 13 13 58 13275640335 2532493313550124 1674287159892910116 n
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්