රට ගොඩනැගීමට නම් වහාම කළ යුත්තේ ජාතික ආණ්ඩු සෑදීම නොව ජාතික එකඟතාවක් ඇති වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.


ඔහු එබව කියා සිටියේ, කිරුළපන අද (13) පැවති එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එක්වෙමිනි.

එජාප නායකයා එහිදී තවදුරටත් මෙසේද පැවසිය.

"ගිය සතියේ ආණ්ඩුව රුපියල පා කළා. මෙතෙක් කල් විශාල හිඟයක් තිබුණා. ඩොලර් හිඟයක් තිබුණා. ඩොලර් හිඟය තියෙන නිසා අපිට භාණ්ඩ මිලදී ගන්න බැරි වුණා. ඒකට විසඳුමක් හැටියට එක සැරේම මහ බැංකුවෙන් රුපියල පා කළා. ඒත් දැන් රුපියල පා වෙනවා විතරක් නෙමෙයි අද තද රැල්ලකට අහුවෙලා. උඩහට යනවා. පහළට තාම ඇවිල්ලා නැහැ.



මේ ප්‍රශ්නේ මෙතනින් ඉවර වෙන්නේ නෑ. මේ ජුලි මාසයේ අපි ඩොලර් බිලියනයක් ණය විදිහට ගෙවන්න තියනවා. අපි සතුව ඩොලර් බිලියනයක් නැ. එක බරපතල ප්‍රශ්නයක්. අපගේ විදේශ ණය ඩොලර් බිලියන 50 ක් තිබෙනවා. මේ ණයෙන් වැඩි කොටසක් 2029 වන්නට පෙර ගෙවා දැමිය යුතුයි. ගෙදර ණය ගැන බය වෙනවා සේම මේ ණය ගැන තවත් බය වෙන්නට තිබෙනවා.



එපමණක් නෙමෙයි  අද රටේ ඩොලර් සහ රුපියල් ණය රුපියල් වලින් පවසනවා නම් එය රුපියල් බිලියන 19000 ක් වෙනවා.

මේ වසරේ අපේ දළ දේශීය දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 15000 යි. දැන් අප ඉන්නේ මේ වගේ භයානක තත්ත්වයක යි. මෙන්න මෙහෙමයි ඉස්සරහටත් අපිට ප්‍රශ්න තියෙන්නේ.



''ජාතික අණ්ඩුවලින් වැඩක් නැ රටට අවශ්‍ය ජාතික එකඟතාවක් ''



'' ආණ්ඩු මාරු කරන එක නෙමෙයි දැන් කරන්න ඕනේ. මේ තියෙන තත්ත්වය විසඳ ගන්න. නැත්නම් ඊළඟ මාස කිහිපයේ අපිට රටක් නැති වෙයි. මෙතෙන්ට ඕනේ  ජාතික ආණ්ඩු නෙමෙයි. ජාතික එකඟතාවක්. අපේ දේශපාලනය කුමක් වුනත් මේක අපේ රට. අපි පළමුවෙන්ම රට බේරා ගන්න ඕන ...''



ග්‍රිසිය වගේ වෙන්න පුළුවන්...



මේ උග්‍ර ආර්ථික අර්බුදය නිසා  මධ්‍යම පන්තිය නැතිවෙලා. තරුණයෝ බලන්නෙ රටින් පිටවෙලා යන්න.

අද මේ විදියට ගිහිං අපි විසදුමක් හොයන්නෙ නැත්නම්,  අපට ග්‍රිසියට ත්වෙච්ච ඉරණම ම අත්වෙනවා.

මේ ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුව කල් ගත්තා වැඩියි. ප්‍රශ්නෙ ට පිලිතුරු දිලා නැ. මුදල් ඇමති හා මහා බැංකු අධිපති අතර තියන ඝට්ටනය එකට බලපාල තියනවා.



IMF වාර්තාව ආණ්ඩුවට දීලා තියෙනවා. එත්, IMF  වාර්තාව පාර්ලිමේන්තුවට තාම දිලා නැ. ඇත්ත වශයෙන්ම එන සතියේදී රටේ ආර්ථික තත්ත්වය ගැන තියෙන සර්වපාක්ෂික සාකච්ඡාවට පෙර මේ සතියේ අපිට ඒවා ලබා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.




රටේ ජනතාව දැනගන්න ඕන රටේ බැරරුම් තත්ත්වේ. ආණ්ඩුවට එක හංගන්න බැ. එහෙම හංගන්න අයිතියක් නැ. ආණ්ඩුව එක රටට කියන්න ඕන ..එක විපක්ෂයත් දැනගන්න ඕන. විපක්ෂයත් එ අනුව කියා කරන්න ඕන.



''රටේ ආර්ථික රාමුව ගැන එකඟතාවකට එන්න ඕන ''



පලමු වෙන්න ම තියෙන්නේ ජනතාව අතර විශ්වාස ඇති කරන එක. පක්ෂ අතර එකඟතාවක් එන්න ඕන, කොහොමද අපි මේ ප්‍රශ්නේ විසඳන්නේ කියන කාරණේ ගැන.  අපේ ආර්ථික රාමුව ගැන එකඟතාවකට එන්න ඕන.

මෙතනට ඕන ජාතික ආණ්ඩු නෙවෙයි.. ජාතික  ආණ්ඩුවලින් වැඩක් නැ .. .එ පාර කියයි ඇමතිකම් බෙදා ගන්නවා කියලා..



මෙතනට ඕන ජාතික එකඟතාවක්. විපක්ෂයේ ඉන්න අය විපක්ෂයේ ඉන්න. ආණ්ඩුවේ ඉන්න අය ආණ්ඩුවේ ඉන්න. ඒ හැම කෙනාම මේ ප්‍රශ්නය පිළිබඳ ජාතික එකඟතාවකට එන්න ඕන. අවුරුදුකට විතර නෙවෙයි අවුරුදු 15 කට 20 කට.  එක ශක්තිමත් වෙන්න ඕන. යකඩ රාමුවක් තරම් ශක්තිමත් වෙන්න ඕන.  

 
 
එකයි අපට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා. එකඟතාවකට ආවට පස්සෙ ඡන්ද තියන එක ගැන කතා කරන්න පුලුවන්. හැබැයි ජාතික රාමුව යි මුලික ප්‍රතිපත්තිය වෙනස් කරන්න බැ. මේකයි දේශපාලනික යාථාර්තය..''
 
 
 

 

  

 


Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්