1200 x 80 DMirror

රට බේරා ගැනීමේ සටන මාර්තු 15 වැනිදා හවස දෙකට කොළඹින් ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.



හෙට කොළඹ දී පැවැත්වෙන මෙම විරෝධතාවයට රටේ විවිධ ප්‍රදේශවලින් දහස් සංඛ්‍යත ජනතාවක් සහභාගිවනු ඇතැයි ඔහු අවධාරණය කර කළේය.  ඒ  සඳහා එක්වන මෙන් ඔහු ජනතාව ගෙන් ඉල්ලා සිටියි.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ සජබ මහ ලේකම්වරයා මෙසේ පැවසිය.

“රටේ අද තිබෙන තත්ත්වයට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පාලනය වගකියන්න ඕන. විපක්ෂයේ අපි දිගින් දිගටම මේ ගැන කිව්වා මහජනතාව එළියට බැහැලා උද්ඝෝෂණය කළා. නමුත් එය බීරි අලින්ට වීණා වයනවා වගේ.  

ඒ විතරක් නෙමෙයි ආණ්ඩුවේ මිනිස්සුත් අද එළියට බැහැලා ආණ්ඩුවේ වැරදි කියන්න පටන් අරගෙන.

ජනතාව රටේ බලශක්ති අර්බුදයට මුහුණ පා සිටිනවා තෙල් ටික නැවතිල අනිත් පැත්තෙන් ගොවියාට අස්වැන්න නෙළාගන්න විදිහක් නැහැ.

රටට අවශ්‍ය විදුලිය ලබා දෙන්න බැරි ආණ්ඩුවක් බවට පත්වෙලා.

මම දන්න විදිහට 2001 වර්ෂයේ වෙන විට මේ රටේ පැය 12ක් විදුලිය නැතුව හිටියා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඇවිත් කරු ජයසූරිය,  විදුලිබල ඇමති වෙලා දවස් 159 කින් එය විසඳුවා. දැන් මේ ආණ්ඩුවට අවුරුදු දෙකක් වෙනවා පැය හත හමාරක් විදුලිය නෑ. ආණ්ඩුවට මේකට උත්තරයක් නැහැ.

 තෙල් ටික ගන්න ඩොලර් නැහැ බඩුමිල තුන් ගුණයක් වැඩි වෙලා ජාත්‍යන්තරයත් අනිත් ආයතනත් කියනවා අර්බුදය එන්න එන්න වැඩි වෙලා කියලා.

ආණ්ඩුවත් දෙදරලා ගිහිල්ලා එක පැත්තකින් කණ්ඩායමක් එලියට එන්න හදනවා ඇමතිවරු කිහිපදෙනෙක් අස් කරා. ලබන මාසේ වනවිට තවත් කණ්ඩායමක් එළියට යනවාකියලා ආරංචි වෙනවා. එ

හෙනම් අපි මේ රට බේරගන්න නම් තියෙන එකම දර්ශනය වැඩපිළිවෙළ තියෙන්නේ සමගි ජන බලවේගය බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය .

“මම ඉල්ලා සිටිනවා සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක මේ ගමන යන්න සියලු දෙනා එකතු වෙන්න කියලා. අපි මේ රට බේරා ගැනීමේ ගමන ආරම්භය ඒ වගේම නොනවතින රැල්ල මාර්තු 15 වැනිදා හවස දෙකට කොළඹින් ආරම්භ කරන අපි මේ රටේ සියලු දෙනාටම ආරාධනා කරනවා.'' යයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

 


 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය