theleaderlk 01

කර්මාන්ත සංවර්ධන අමාත්‍යාශය යටතේ ගැසට් කර තිබු 'ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ්' ආයතනය

අමාත්‍ය මහින්ද අමරවීරගේ පරිසර අමාත්‍යංශය වෙත පවරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇතැයි වාර්තාවේ.

විමල් වීරවංශ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ධුරයේ සිටියදී 'ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ්' ආයතනය ඔහුගේ අමාත්‍යංශය යටතේ ගැසට් කර තිබිණ.

විමල් විරවංශ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් එම අමාත්‍යංශයට එස්.බී. දිසානායක පත්කරනු ලැබිය.

විමල් විරවංශ හා උදය ගම්මන්පිල ඉවත්කර අලුතින් සිදුකල කැබිනට් සංශෝධනයේදී එස්.බී. දිසානායකට අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබාදීමට තීන්දුකර තිබුනද දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කර තිබීම නිසා ඔහුට එම අවස්ථාව අහිමිවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍ය මහින්ද අමරවීර ගේ අමාත්‍යංශය වෙත මෙසේ වානිජ්‍ය වටිනාකමකින් යුතු 'ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ්' ආයතනය පවරන්නේ ශ්‍රීලනිප මැති ඇමතිවරුන් සිය අමාත්‍ය ධුර වලින් ඉවත්වීමේ සුදානමක් පවතින බවට රාවයක් පැතිරයමින් තිබෙන මොහොතකය.

පෙරේදා (13) බුත්තල පොලභූමියේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මොණරාගල දිස්ත්‍රික් සමුළුව අමතමින් අමරවීර අමාත්‍යවරයා ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ග දැඩි ලෙස විවේචනය කළේය. 

  


 

නවතම පුවත්