1200 x 80 DMirror


සමගි ජනබලවේගය සංවිධානය කරනු ලබන ‘රට විනාසයි – දැන් ඇති. තවත් වනසන්න දෙන්න බෑ.’’ යන තේමාව යටතේ වූ උද්ඝෝෂණය අද (15 ) කොළඹ දී පැවැත්වීමට නියමිතය.


කොළඹ නගරයේ විහාරමහා දේවි උද්‍යානය සහ මාලිගාවත්ත සිරිසේන කුරේ ක්‍රීඩාංගනය අසලට ජනතාව රැස් කර, අනතුරුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට පාගමනින් පැමිණ පස්වරු 2.00ට මෙම විරෝධතාව ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

කෙසේවුවද ආරක්ෂක අංශවලින් ඊට අවසර ලබා නොදුනහොත් කොල්ලුපිටිය මන්සන්ධියෙදී විරෝධතාව පැවැත්වීමට තීන්දු කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම විරෝධතාවට සමගි ජනබලවේගයට සහයෝගය පළ කරන විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක නියෝජිතයන් එක්වීමට නියමිත බව මේ පිළිබඳව ඊයේ (14) ජනමාධ්‍ය හමුවකදී අදහස් පළ කළ සජබ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක සඳහන් කළේය.

මෙම ආණ්ඩු විරෝධී දැවැන්ත විරෝධතාව සඳහා දිවයිනේ ප්‍රදේශ රැසකින් ලක්ෂයක ජනතාවක් අද (15 ) දිනයේ කොළඹට රැගෙන එන බවද මන්ත්‍රිවරයා මෙහි දී සඳහන් කළේය.

අද ආරම්භ කරන මෙම විරෝධතා ව්‍යාපාරය ඉදිරියේදී දිවයින පුරා තවත් නගර ආශ්‍රිතව ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වනබවද ඔහු වැඩිදුරටත් පැවසිය.

 

SJB poster 1

WhatsApp Image 2022 03 15 at 10.06.14 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය