ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කරන ලෙස බලකරමින් රට පුරා මහජන අත්සන් ව්‍යාපාරයක් දියත් වෙද්දී, ආණ්ඩුව විසින් ඒ

සඳහා ඉදිරිපත් කරන සංශෝධන දෙවැනි වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

රජය නිවේදනය කර ඇත්තේ පසුගියදා 11 වැනිදා විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස්ගේ සභාපතීත්වයෙන් රැස්වූ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා එකඟත්වය හිමිවු බවයි.

මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පෙබරවාරි 10 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුනි.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ප්‍රකාරව සංශෝධිත පනත් කෙටුම්පතට උපදේශක කාරක සභාවේ එකඟත්වය හිමිවූ අතර එම වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක, මධුර විතානගේ,  සුරේන් රාඝවන්, චරිත හේරත් සහ ඉසුරු දොඩංගොඩ  එම සාකච්ඡාවට  අවස්ථාවට එක්ව ඇත.

 

දැනට ජිනීවාහි මුළුදෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව පිළිබඳව මහ කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් ඉදිරිපත් කරන ලද විශේෂ වාර්තාවෙන්ද ආණ්ඩුවේ ඇතැම් සංශෝධන හිතුමතේ රඳවා තබාගැනීම් සහ වධබන්ධන පැමිණවීමට මග පාදන බව පෙන්වා දී තිබුණි.

 

ත්‍රස්තවාදය සම්බන්ධ පුළුල් සහ අපැහැදිලි නිර්වචනය, නීතිඥයකු නැති තනා ලබාගන්නා පාපොච්චාරණ අධිකරණයේ මූලික සාක්ෂි ලෙස යොදා ගැනීමේ හැකියාව, නඩු විභාග කිරීමට පෙර අවුරුද්දක් තරම් දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට ඇති හැකියාව සහ නිලධාරීන්ට සලසා දී ඇති දණ්ඩ මුක්තිය ඒ අතර වන බව මහකොමසාරිස් වරිය පවසයි.


මහජන පෙත්සමක්


ආණ්ඩුව විසින් සංශෝධනය කළ බවට ගැසට් කර තිබු ත්‍රස්ත පනත සම්පුර්ණයෙන්ම අහෝසි කරන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානය මේ මස මුලදී මහජන පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබුනි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි තරුණ පෙරමුණ සංවිධානය කරන මෙම මහජන පෙත්සමට අත්සන් තැබීම පෙබරවාරි 3 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබුනේ මුලතිව් මාධ්‍ය සමාජයේදීය.

 

එදින සිට මහජන පෙත්සම අත්සන් කිරීම කිලිනොච්චිය, වව්නියාව, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, කොළඹ, මන්නාරම, මීගමුව හා හැටන් යන ස්ථාන වලදී පැවැතියේ විශාල ජන සහභාගිත්වයකිනි.

ත්‍රස්ත පනත මුළුමනින්ම අහෝසි කිරීමට ආණ්ඩුවට බල කෙරෙන මෙම පෙත්සම සඳහා සාමාන්‍ය ජනයාට අමතරව අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, හිටපු විපක්‍ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් ඇතුළු දේශපාලන පක්‍ෂ, ආගමික හා බහුජන සංවිධාන ක්‍රියාධරයන් රැසක් ද අත්සන් තබා තිබේ.


ත්‍රස්ත පනතට විරුද්ධව නඩුවක්


පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කරන්නැයි ඉල්ලා පෙබරවාරි 14 වැනිදා සිවිල් සමාජ ක්‍රියාධරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුනි.

නීතිපතිවරයා වගඋත්තරකරු ලෙස නම් කරමින් එම  පෙත්සම ගොනු කර ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තුය.

මෙම පනත නීතියක් ලෙස සම්මත වීමට නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් හෝ ජනමත විචාරණයකින් එය සම්මත විය යුතු බවත්  පෙත්සමෙන් සඳහන් ය.

එම පනත් කෙටුම්පත අන්තර්ගත වගන්ති ගණනාවකින් අත්අඩංගුවට ගැනීම්, වධ හිංසන හා රඳවා ගැනීම්වලට එරෙහි මූලික අයිතිවාසිකම්වලට අහිතකර බලපෑම් එල්ල වන බවත් එම අයිතිවාසිකම් සීමා කෙරෙන බවත් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු  පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

එබැවින් එම පනත් කෙටුම්පතේ 2,3,4,6,10,11සහ 12 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු  කරන ලෙස පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා තිබුනි.


ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය


ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන මාර්තු 8 වැනිදා පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.

ඒ පහත පරිදිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලද “ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුව වෙත දැනුම් දෙනු කැමැත්තෙමි.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන)” නමැති පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පහත පරිදි වේ:—


පනත් කෙටුම්පතෙහි 2 වගන්තිය


පනත් කෙටුම්පතෙහි 2 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි කිසිදු විධිවිධානයක් හා අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයයි.


පනත් කෙටුම්පතෙහි 3 වගන්තිය


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව, පනත් කෙටුම්පතෙහි 3 වගන්තියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සමස්ත මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් (නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව) තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවක් නොවන්නේ නම්, එවිට පනත් කෙටුම්පතෙහි 3 වගන්තිය නීතියක් ලෙස පනවනු ලැබිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයයි.

කෙසේ වුවත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීරණයෙහි දක්වා ඇති පරිදි පනත් කෙටුම්පතෙහි 3 වගන්තියෙහි විධිවිධාන සංශෝධනය කරනු ලබන්නේ නම්, එවිට එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
සමඟ අනනුකූලවීම ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණයෙහි මතය යි.


පනත් කෙටුම්පතෙහි 4 වගන්තිය


එය එසේ පැවතිය දී වුවත්, 141 ව්‍යවස්ථාව පනත් කෙටුම්පතෙහි 4 වගන්තියෙහි යෝජිත 10 වගන්තියේ ප්‍රධාන කොටස ලෙස ඇතුළත් කරන ලෙසට ගරු නීතිපතිතුමා විසින් අමාත්‍යවරයා වෙත උපදෙස් ලබාදෙනු ඇති බව සහ පෙත්සම්කරුවන් විසින් මතුකරනු ලැබ ඇති ගැටලුවලට විසඳුම් ලබාදීම පිණිස අමාත්‍යවරයා විසින් පාර්ලිමේනේතුවේ කාරක සභා අවස්ථාවේදී එම සංශෝධනය යෝජනා කරනු ඇති බව උගත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විසින් අධිකරණය වෙත දැනුම්දෙනු ලැබ ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි.


පනත් කෙටුම්පතෙහි 5 වගන්තිය


ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙහි සඳහන් කර ඇති හේතු දැක්වීම්වලට අනුව පනත් කෙටුම්පතෙහි 5 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයක් සමඟ අනනුකූලනොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වේ.


පනත් කෙටුම්පතෙහි 6 වගන්තිය


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80(3) ව්‍යවස්ථාව ප්‍රකාරව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි 11 වගන්තියෙහි වලංගුභාවය පිළිබඳව පරීක්ෂා කිරීම, ඒ පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම හෝ කවර වූ හෝ ආකාරයකින් ප්‍රශ්න කිරීම ශ්‍රෙෂ්ඨාධිකරණයට කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වේ.


පනත් කෙටුම්පතේ 10 වගන්තිය


ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙහි දක්වා ඇති පරිදි පනත් කෙටුම්පතේ 10 වගන්තිය සංශෝධනය කරනු ලැබුවහොත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ විධිවිධානයක් සමඟ අනනුකූල වීම ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයයි.


පනත් කෙටුම්පතේ 11 වගන්තිය


පනත් කෙටුම්පතේ 11 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ විධිවිධානයක් සමඟ අනනුකූල වේය යන මතය දැරීමට කිසිදු පදනමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත.


පනත් කෙටුම්පතේ 12 වගන්තිය


12 වගන්තියේ යෝජිත 26(2) ඡේදය එහි පවත්නා ස්වරූපයෙන් සලකනු ලැබූ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වනු ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයයි.

123(1)(ඇ) ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත්තේ පනත් කෙටුම්පතේ 12 වගන්තියේ යෝජිත 26(2) වගන්තිය
තුළ දක්වා ඇති විධිවිධාන, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය තුළ දක්වා ඇති පරිදි සංශෝධනය කරනු ලබන්නේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ විධිවිධානයක් සමඟ අනනුකූල වීම ඉවත් වනු ඇති බවයි.


සබැඳි පුවත්:


PTA අහෝසි කිරීමට ප්‍රධාන විපක්ෂය එකඟයි

ත්‍රස්ත පනත අකුලා දැමීමේ සටනට ආණ්ඩුවේම පක්ෂයකුත් එක් වෙයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම 'වැඩේ' හරියටම කරලා - ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතීඥයෝ

'ත්‍රස්ත මර්දන සංශෝධන කෙටුම්පත යනු මුල් පනත ශක්තිමත් කිරීමක්' - නීතීඥ රමණි මුත්තෙට්ටුවේගම

ත්‍රස්ත නීති අකුලා ගන්න බලකිරීමට චන්ද්‍රිකා එක්වෙයි

ත්‍රස්ත පනතට ආණ්ඩුව ගෙනා සංශෝධන වලට එරෙහිව නඩු යයි

ත්‍රස්තවාදය වැලැක්වීමේ සංශෝධිත පනතක් මැතිසබයට - සුමන්දිරන් ගෙන් බාල්දියක්

ත්‍රස්ත පනත: 'පාලකයින් පාලනය ගෙනියන්න භීතිය පතුරනවා' - නීතිවේදිනී එර්මීසා ටීගල්

ත්‍රස්ත පනත: 'සංශෝධන එපා, අහෝසි කරනු' රට තුලින් හඬ නැගේ

ජිනීවා පාරේ ත්‍රස්ත පනත් සංශෝධනයට ජාත්‍යන්තර රතු එළියක්

ත්‍රස්ත පනත අහෝසි කිරීමේ මහජන ව්‍යාපාරයකට උතුර පෙරමුණ ගනී


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්