1200 x 80 DMirror

ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ ඇති ඇතැම් ඉන්ධන පිරවුම්හල් වලට පසුගිය දින කිහිපයේ ඉන්ධන බව්සර් 10ක් පමණ ලැබෙද්දී දිවයිනේ බොහෝ

ඉන්ධන පිරවුම්හල් වලට කිසිඳු ඉන්දන බව්සරයක් ලැබී නැතැයි වාර්තාවේ.

එසේ විශේෂ අනුග්‍රහයක් හිමිව ඇත්තේ, ඉන්ධන බව්සරයකට රුපියල් 50,000ක සන්තෝසම් මුදලක් ලබා දුන් ඉන්ධන පිරවුම්හල්වලට බව ද පැවසේ.

විෂය බාර අමාත්‍ය ගාමිණි ලොකුගේ විසින් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු කැඳවා, ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ඇත්තේ ඇයි දැයි විමසා සිටි අවස්ථාවේදී ඉහත කාරණය අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් තමාට සති දෙකක් ඇතුලත තීන්දුවක් ගන්න බව ඇමතිවරයා නිලධාරීන්ට දැනුම් දී ඇතැයි ද වාර්තාවේ.

මෙසේ තෙල් බවුසරයක් සඳහා රුපියල් 50,000 බැගින් කප්පම් ලබාගන්නා බලධාරීන් පිලිබඳ සියලු තොරතුරු ඉදිරියේදී මාධ්‍යවෙත මුදාහැරීමට නියමිත බව ද පැවසේ.

ජනාධිපතිවරයා විසින් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපති ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා මාර්තු 08 පත්කරනු ලැබිය.  


බොරතෙල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව UAE සමාගමකට


2022 ජුනි 01 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා මාස 7කට මෙරටට බොරතෙල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක් වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව එලෙස නිර්දේශය ලබා දී ඇත්තේ, අදාළ ප්‍රසම්පාදනය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරල් එනර්ජි ඩී. එම්.සී.සී. සමාගම වෙත පිරිනැමීමටයි.

එකී නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව එම සමාගම වෙත පිරිනැමීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්