1200 x 80 DMirror

අගමැති සම්බන්ධීකාරක ලේකම් ගීතනාත් කාසිලිංගම්

 

ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වලදී යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අත්තනෝමතික ලෙස ක්‍රියා කරන බවට චෝදනා කරමින් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක ප්‍රාදේශිය ජනතා නියෝජිතයන් පිරිසක් විරෝධතාවක් දියත් කර තිබේ.

අගමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකාරක වශයෙන් පත්කොට සති දෙකක් ඉක්ම යාමටත් මත්තේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මාර්තු 14 වැනි සදුදා විරෝධතා දියත් කළේ ඊපීඩීපී පක්ෂයේ ප්‍රදේශිය සභා නියෝජිතයන් පිරිසක් බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද නායකත්වය දරන ඊපීඩීපී පක්ෂයේ ප්‍රාදේශිය නියෝජිතයන් එහිදී චෝදනා කර ඇත්තේ ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ආණ්ඩුව නිකුත් කර තිබෙන චක්‍ර ලේඛ නොතකා හරිමින් වැඩ කටයුතු කරන බවයි.

ඒ හේතුවෙන් තම ජනතාව මුහුණ දී සිටින ගැටළු වලට විසදුම් ලබා දීමට  නොහැකි තත්වයක් මතුව ඇති බවට පවසන ඔවුන් තව  දුරටත් අවධාරණය කර ඇත්තේ ප්‍රදේශවාසීන් නිරන්තරයෙන් ජනතා නියෝජිතයන් මුණ ගැසී තමන් මුහුණ පා සිටින දුක් ගැහැට ඉදිරිපත්  කරන බවයි.

සිය ඉල්ලීම් වලට දින 10 ක් ඇතුලත විසදුම් ලබා දෙන ලෙස බල කළ විරෝධතාකරුවන් යාපනය දිස්ත්‍රික් ලේකම් ගනපති පිල්ලේ මහේෂන් වෙත සන්දේශයක්ද බාර දුන් බව පළාත්බද වාර්තාකරුවෝ පවසති.

ඔවුන් වැඩි දුරටත් සදහන් කරන්නේ ආණ්ඩුවේ චක්‍ර ලේඛ අනුව ක්‍රියා කරන ලෙස එම සන්දේශය මගින්ද ඉල්ලා ඇති බවයි.

අගමැති සම්බන්ධීකාරක ලේකම් ගීතනාත් කාසිලිංගම් දිස්ත්‍රික් සංවර්ධන හා ප්‍රාදේශීය සංවර්ධන සභා රැස්වීම් සඳහා අගමැති කාර්යාල නියෝජිතයා වශයෙන් පසුගිය 4 වැනිදා පත් කර තිබුණි.


 

 
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය