ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ්‍ය තෙල් සංස්ථාවේ ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත්වීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකිරථ හිමියන්ගේ සංගමය පවසයි.


ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් ප්‍රවාහන ගාස්තු සියයට 60කින් ඉහළ දමන ලෙස සංස්ථාවේ පාලන අධිකාරියෙන් කළ ඉල්ලිමට ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් අද(15) හවස රැස්වූ සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණයට එළැඹි බව ලංකා ඛණජ තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදා හරිනු ලබන පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පැවසීය.

ඉන්ධන මිල වැඩිවීම සහ ඩොලරය ඉහළ යාම හේතුවෙන් ප්‍රවාහන ගාස්තු සියයට 60 කින් වැඩි කරන ලෙස සංගමය පාලනාධිකාරියෙන් ඉල්ලිමක් කල බවද ඔහු පැවසීය.

ඉන්ධන මිල වැඩිවිම සහ ඩොලරය ඉහළ යාමට අමතරව ලිහිසි තෙල් සියයට 75 කින් ඉහළ යාම, ටයර් මිල වැඩිවීම ඇතුලු කරුණු කිහිපයක් නිසා මෙම ප්‍රවාහන ගාස්තු වැඩිවීමට ඉල්ලීමක් කළ බවද දින දෙකක් තුළ විසදුමක් නොලැබීම නිසා ඉන්ධන බෙදා හැරීමෙන් ඉවත්වීමට තීරණය කළ බවත් කීය.

දැනට සංස්ථාවේ ඉන්ධන බෙදාහැරීම සඳහා පෞද්ගලික ටැංකි රථ 800 ක් පමණ සේවයේ යෙදවනු ලබයි.

 

The Leader TV අද වීඩියෝ 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්