1200 x 80 DMirror

අධික ලෙස මිල ඉහළ දැමීමට අමතරව රට තුළ ඉන්ධන අර්බුදයක් නිර්මාණය කළ පාලකයන්ට යාපනයේ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ විරෝධය පක්ෂ

බේදයකින් තොරව පලවී තිබේ.

වලිකාමම් උතුර ප්‍රාදේශිය සභාවේ සියලුම මන්ත්‍රීවරුන් පක්ෂ බේදයකින් තොරව ප්‍රාදේශිය සභාවේ සැසිවාරයට සහභාගී වීම සදහා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්  මාර්තු 16  වැනි බදාදා පා පැදි වලින්  පැමිණි බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

දිනෙන් දින බිඳ වැටෙන ආර්ථිකය හමුවේ ඉහල යන අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වහාම පහත දමමින් ජනතාව මුහුණ පා සිටින ගැටලුවලට නිසි විසදුම් ලබා  ලෙස බලකිරීමද අරමුණුකරගනිමින් ඔවුන් මෙලෙස සිය විරෝධතාවය දක්වා තිබේ.

 

මල්ලාකම් සිට කිලෝ මීටර් හයක දුරක් පා පැදි වලින් ගමන් කරමින් ඔවුන් වලිකාමම් උතුර ප්‍රාදේශිය සභාව වෙත පැමිනි බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

 

පා පැදි විරෝධතාවය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙමළ ජාතික ජනතා පෙරමුනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ටී. නිවේදන් සදහන් කළේ ජනතාව පීඩා විදින ආර්ථික අර්බුදයට කඩිනමින් විසදුම් ලබා දීමට පාලකයන් අපොහොසත් උවහොත් ජනතාව සිය දිවි නසා ගන්නා දිනය වැඩි ඈතක නොවන බවයි.

ජනතාව පීඩාවට පත් කරන රාජපක්ෂ ආණ්ඩුවට විරෝධය පළ කිරීම සදහා දෙමළ ජාතික සන්ධානය බලය හොබවන මුලතිව්,  මුහුදුබඩපත්තුව ප්‍රාදේශිය සභාවේ  සභාපති කමලනාදන් විජින්තන් ඇතුළු නියෝජිතයන් කිහිප දෙනකු ද මාර්තු 10 වැනි බ්‍රහස්පතින්දා ගොං බැඳි කරත්ත වල නැග ප්‍රාදේශීය සභාව වෙත පැමිණ තිබුනි.

ආණ්ඩුවට විරෝධය පළ කිරීම සදහා වලිකාමම් උතුර ප්‍රාදේශිය සභාවේ සියලුම මන්ත්‍රීවරුන් පා පැදි වලින් සභා වාරය සදහා පැමිණි ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න:

 

 
 

The Leader TV අද වීඩියෝ

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්