අධිබල එන්ජීන් ධාරිතාවයකින් සමන්විත යතුරු පැදි හයසියයක් හා සුපිරි වාහන සියයකට ආසන්න ප්‍රමාණයක් සහිතව සංවිධානය කර තිබු දැවැන්ත රථ සවාරියකට පුත්තලම ප්‍රදේශයේ දී ජනතා විරෝධය පළවී තිබේ.


දැඩි ඉන්ධන හිඟයක් රටේ පවතිද්දී මෙවන් සවාරි සිදු කරන්නේ කෙසේද ? ජනතාව හා ආගමික නායකයින් විදි බැස ප්‍රශ්න කළේය.

ප්‍රබල දේශපාලඥයකු මැදිහත් වි කොළඹ සිට කල්පිටියට ගමන් කරමින් තිබු අධිබලැති එන්ජීන් ධාරිතාවයකින් සමන්විත යතුරු පැදි සවාරියට පුත්තලම දළුව මංසන්දියෙදී කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මිගට්ටු වත්තේ සුමිත්ත හිමියෝ ඇතුළු පිරිසක් විරෝධයක් පෑහ.

මෙම සවාරිය කල්පිටියට හරහා ගමන් කරද්දි දළුව මංසන්දියෙදි කළු කොඩියක් ප්‍රදර්ශනය කරමින් එය නවතා මෙය සංවිධානයක කල සියලු දෙනාටම විරෝධය මතු කරමින් මිගට්ටුවත්තේ සුමිත් හිමියෝ දොස් තබන්නට වූහ.

කෙසේවුවද, සුමිත්ත හිමියන් ඇතුළු පිරිසගේ විරෝධය ගනන් නොගත් එම පිරිස හා පොලිස් පෙර ගමන් යතුරු පැදියද යළි කල්පිටියට ගමන් කළේය.



මෙම රථ සවාරිය සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රදේශවාසී ජනතාව පවසන්නේ, මෙම රථ සවාරියට ඉදිරියෙන් පොලිස් පෙරගමන් යතුරුපැදි ගමන් කළ බවයි.  එම පෙළපාලියේ අවසානයේ ඉන්ධන බවුසර් දෙකක් සහ ගිලන් රථයක් පිටුපසින් ගමන් කල බව ජනතාව පවසති.

ප්‍රබල දේශපාලඥයකු මේ සඳහා මැදිහත් වී ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති  ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගේ මාධ්‍ය ඒකකය පවසන්නේ, අමාත්‍යවරයා මෙම වැඩසටහන සඳහා කිසිදු සම්බන්ධයක් නැති බවත් ඔහු මේවනවිට විදෙස් නිල සංචාරයකට සහභාගී සිටින බවත්ය.

පුත්තලම රත් කල ආණ්ඩුවේ යතුරු පැදි සවාරිය Mojo News LK විසින් වීඩියෝගත කර අන්තර්ජාලය වෙත මුදාහැර ඇත.




 

The Leader TV අද වීඩියෝ

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්