1200 x 80 DMirror

 
 

සමාජවාදී තරුණ සංගමය මගින් ඇරැඹු උද්ඝෝෂණයේ විරෝධතාකරුවෝ මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාල භූමියට ඇතුළු වී විරෝධතාවේ නියැලී

සිටිති.

මෙම දැවැන්ත විරෝධතා රැලිය සඳහා අතිවිශාල තරුණ තරුණයින් පිරිසක් සහභාගී වී සිටිනු දක්නට ලැබේ.

තෙල් පෝලිම් තවත් එපා!,
ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි, ඇමරිකාවට බිලිදුන් යුගදනවි වහා පවරා ගනු!,
රට රැකීමට දේශප්‍රේමී තරුණ තරුණයින් එක්වවු!,
තොපි සෙල්ලම් කරන්නේ අපේ අනාගතය එක්කයි, රටේ සම්පත් විකුණන ආණ්ඩුව ගෙදර යනු!

ආදී සටන් පාට රැගත් බැනර් ප්‍රදර්ශනය කරමින් ඔවුන් මරදාන ටෙක්නිකල් මංසන්දියේ සිට විරෝධතා පාගමණින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණි අතර මේ වනවිට එහිදී විරෝධතා රැලිය පැවැත්වෙමින් තිබේ.

මරදාන ටෙක්නිකල් හන්දියෙන් අද (18) දහවල් මෙම පාගමන ඇරැඹිණි.

මේ හේතුවෙන් ‌ටෙක්නිකල් හන්දිය අවට හා ජනාධිපති ලේකම් කාර්යාලය අවට මාර්ග රැසක රථ වාහන තද බදයක් ඇති විය.

 





 


 

The Leader TV අද වීඩියෝ

 





Leader Whats app

 

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්