theleaderlk 01

විදුලිබිල වැඩි කිරීම සදහා ලංකා විදුලිබල මණ්ඩලය සකස් කරන ලද සංශෝධිත යෝජනාවලියක්
ලබන සතියේ දී ලැබීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක 'නෙත් නිවුස්' කළ විමසීමකදී කියා සිටියේ, විදුලි බිල වැඩි කිරීමට අදාළ යෝජනාවලියක් ලංකා විදුලි බල මණ්ඩලය පසුගියදා සිය කොමිසම වෙත ලබා දුන් බවයි. එම යෝජනා සිය කොමිසම මගින් මේ වන විට ඇගයීමට ලක් කරමින් සිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් රුපියල පා කරමින් විනිමය අනුපාත නිදහසේ තීරණය වීමට මහ බැංකුව ගත් තීරණයත් සමග සිදුව ඇති වෙනස්කම් හේතුවෙන් තවත් සංශෝධන කිහිපයක් ලංකා විදුලි බල මණ්ඩලය මගින් යොමු කිරීමට නියමිත බවද ඔහු කියා සිටියේය.

පිරිවැය මත පදනම් වූ ගාස්තු ක්‍රමයක් ඉදිරියෙදී හදුන්වාදෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
 
 
විදුලි බිල්පත් මුද්‍රණයට කඩදාසි හිඟයෙන් බාධා: අතින් ලියූ බිල්පතක් පාරිභෝගිකයින්ට

මේ අතර කඩදාසි හිඟය හේතුවෙන් විදුලි බිල්පත් මුද්‍රණයට බාධා මතුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. ඩොලර් නැතිකම නිසා කඩදාසි හිඟයකුත් තිබීම ඊට හේතුවයි.

එහි අතිරේක සාමාන්‍යාධිකාරී, මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි 'නිව්ස්ෆස්ට්' වෙත පැවසුවේ, ලිඛිතව විදුලි පාරිභෝගිකයින් වෙත බිල්පත් නිකුත් කරන්නැයි මනු කියවන්නන් වෙත දැනුම් දී ඇති බවය.

විදුලි බිල්පත් සම්බන්ධයෙන් යම් ගැටළුකාරි තත්ත්වයක් වෙතොත් ලංකා විදුලිබල මණ්ඩලයේ වෙබ් පිටුවට පිවිස ඒ පිළිබදව පරික්ෂා කරගත හැකි බවද අතිරේක සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ ය.
 
  

The Leader TV අද වීඩියෝ 
 

විහිලුවක් නොවෙයි ඒ කතාව ඇත්තයි ! | මොණරවිලගේ ලියමන



Leader Whats app

 

 

 

නවතම පුවත්