කිලෝවක සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ.



ඒ අනුව කිරිපිරි කිලෝවක් රුපියල් 600කින් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ යනු ඇත.

දැනට කිරීපිටි කිලෝවක මිලරුපියල් 1345ක් වන අතර නව මිල 1945 දක්වා ඉහළ දමන බවත්  දැනට රුපියල් 540ක් වන ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 790 ක් දක්වා ඉහළ ගියේය.

ලෝක වෙළඳපොළේ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 3900 සිට ඩොලර් 4900 දක්වා ඉහළ යාම සහ රුපියල අවප්‍රමාණය වීම වීම හේතුවෙන් මෙසේ කිරිපිටි මිල ඉහල දැමීමට සිදු වූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ නිලධාරියෙක් පැවැසීය.



'නිව්ස්ෆස්ට්' කළ විමසීමකදී පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළේ, ආනයනික කිරිපිටි මිල ආසාධාරණ ලෙස ඉහළ දමා ඇත්නම්, පාරිභෝගික ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට අමාත්‍යාංශය මැදිහත් වන බව ය.



මේ අතර දේශිය කිරිපිටි මිල වැඩි කිරීමට මෙතෙක් කිසිදු අනුමැතියක් දී නැතැයි පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් සඳහන් කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ දේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ අංශවලට උපදෙස් දී ඇති බවයි.

කෙසේවුවද, සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ, පවතින තත්වයන් මත කිරි තේ එකක් රුපියල් 100 ක් දක්වා මිල ඉහළ දැමීමට සිදුවන බවයි.

ආපන ශාලාවල කිරි තේ ලබා දීම අත්හිටුවීමටද සිදුවන බවත් සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය.

කිරිපිටි මිල ඉහල දැමීම, ගෑස් හිගය ආදී කාරණා මත මෙම තත්වය උදා වී ඇතැයිද හෙතෙම තව දුරටත් සදහන් කලේය.



මිල්කෝ ආයතනයෙන් ජනතාවට සහනයක්

මේ අතර මිල්කෝ ආයතනය පවසන්නේ, කිසිඳු නිෂ්පාදනයක මිල වැඩි කිරීමක් සිදු නොකරන බවයි. සිය ආයතනය කිරිපිටි නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කළ බවත් එම නිෂ්පාදන අප්‍රේල් පළමු වනදා සිට වෙළද පොළට නිකුත් කරන බවත් මිල්කෝ සභාපති රේණුක පෙරේරා පවසයි.

 

 
අමුද්‍රව්‍යවල මිල ඉහළ ගියත් එය පාරිභෝගිකයාගෙන් අය නොකර ගන්නා බව මිල්කෝ ආයතනයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

  

 


The Leader TV අද වීඩියෝ 
 

විහිලුවක් නොවෙයි ඒ කතාව ඇත්තයි ! | මොණරවිලගේ ලියමන



Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්