1200 x 80 DMirror

මාර්තු මස 30 වෙනිදාට දී තිබුන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර ශ්‍රී මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බොහෝ දුරට අවලංගු විය හැකි බව ඉන්දීය පුවත් සේවා අද (20)  

වාර්තා කර තිබේ.

සිය සංචාරය අත්හිටුවා, අන්තර්ජාලය ඔස්සේ බිම්ස්ටෙක් සමුළුව ඇමතීමට ඉන්දීය අගමැතිවරයා තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් යාපනයේ පිහිටි ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් lankasara.com කළ විමසීමකදී එහි නිලධාරියෙකු පවසා ඇත්තේ, මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් තවමත් ඔවුන් වෙත ලැබී නොමැති බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මීට පෙර එවන ලද නිවේදනයක සඳහන් වුයේ, මෝදි අග්‍රාමාත්‍යවරයා 30 වෙනිදා යාපනය පලාලි ගුවන් තොටුපල වෙත ඉන්දියාවේ සිට පැමිණීමට නියමිතව තිබූ බවත් යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය හා පලාලී ජාත්‍යන්තර ගුවන් තොටුපලේ  පසුව ඉදි වූ කොටස විවෘත කිරීම සදහා ඔහු සහභාගී වීමෙන් අනතුරුව බිම්ස්ටෙක් සමලුවට සහභාගී වීමට කොළඹ බලා යන බවත් ය.

ඉන්දීය අගමැතිවරයා පිළිගැනීමට අගමැති මහින්ද රාජපක්ෂ යාපනයට යාමට නියමිතව සිටියේය. 

 
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය