1200 x 80 DMirror

 
 

ශ්‍රී ලංකාව දැනටමත් ‘අතිධාවන උද්ධමනය‘ ට මුහුණ දී ඇති බවත්, කිසිදු පාලනයකින් තොරව සල්ලි අච්චු ගැසීමට මහ බැංකුවත් කටයුතු කරන්නේ නම්

එය ‘ජවන උද්ධමනයක්‘ බවට පත්වීම නොවැලැක්විය හැකි වනු ඇති බවත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

'ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය' විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් එබව සඳහන්කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි,

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

2022 පෙබරවාරි 28 සිට මාර්තු 18 දක්වා මහ බැංකුව විසින් රු. මිලියන 188,610 ක් අච්චු ගසා ඇත. එය සාමාන්‍යයෙන් සෑම දවසකටම රු. ලක්ෂ  9,9268 ක් බැගින් අච්චු ගැසීමකි.  

සල්ලි අච්චු ගැසීමේන් බඩු මිල වැඩි නොවන බවත්, අච්චු ගැසීම සාමාන්‍ය දෙයක් බවත් විටින් විට පුවත්පත් සාකච්ඡාවල දී පැවසූ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට පත් වීමෙන් පසුව රු. ලක්ෂ 4,156,100 ක් අච්චු ගසා ඇත.


කීර්ති තෙන්නකෝන් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වේ''පසුගිය සිකුරාදා (මාර්තු  18) අච්චු ගැසූ රු. ලක්ෂ 559,500 ක මුදලත් සමඟ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව අද දක්වා (2020 ජනවාරි සිට 2022 මාර්තු 20 දක්වා) අච්චු ගසා ඇති මුළු මුදල රු. මිලියන දාසය ලක්ෂ විසි පන්දහස් දෙසිය හතලිහ (රු. මිලියන 1,625,240) කි. 1952 වසරේ සිට 2020 දක්වා වසර 62 ක් තුල රජය අච්චු ගැසූ  මුදල මෙන් 23 ගුණයක් වත්මන් රජය පසුගිය මාස 26 තුල අච්චු ගසා ඇත.'' -හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්



වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව කිරිපිටි මිල 110% කින් ද, ඉන්ධන  90% කින් ද, ආහාර මිල  20% සිට 50% දක්වාද ඉහළ ගොස් ඇත.

දෙවන ලෝක යුද සමයේ ජර්මනියේ ඇතිවූ උද්ධමනයට සමාන ‘අතිධාවන උද්ධමනයක්‘ රටේ පවතී.    උද්ධමනය 20% ඉක්මවූ විට විධිමත් පාලනයකට නතු කර නොගන්නේ නම් එය 100%, 200% ඉක්මවන ‘ජවන උද්ධමනය‘ ක් බවට පත් වන බව ආර්ථික විද්‍යා මුලධර්මය කි.

අලුත් අවුරුද්දට ආහාර හා ඖෂධ ලබා ගැනීමට ඉන්දීය ණය ආධාර ලබා ගන්නා බවට මුදල් අමත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කරන නමුත්, මේ වනවිට අවුරුදු කන්නට නොව දරුවන්ට, වැඩිහිටියන්ට කුසගිනි නිවා ගැනීමට නොහැකි තත්වයක් මතුව ඇත.

 

රටේ ඉහළම ව්‍යාපාරික පැලැන්තියට බදු සහන සැලසීම භාණ්ඩාගාරය සිදී යාමට මුලිකම හේතුව විය. කිසිදු වටිනාකමක් නොමැති කඩදාසි මුදල් අච්චු ගැසීමට මහ බැංකුව අධිපති, භාණ්ඩාගාර ලේකම් ප්‍රමුඛ මුදල් මණ්ඩලයට සිදුව ඇත.

 

1980 දශකයේ ආජන්ටිනාව, බ්‍රසීලය ආදී රටවල දක්නට ලැබුණු ආකාරයේ ‘අතිධාවන උද්ධමනයකට‘ ලංකාව මේ වන විට පැමිණ ඇත.  

ඉන්දුනීසියාව, සිම්බාබ්බේ රාජ්‍යයන් හි මුල්‍ය අර්බුදයේ මුලික ස්වරූපය ලංකාවේ මේ වන විට දනින්නට ඇත.

1971 -1977 සමයේ දකින්නට තිබූ පෝලිම් යුගයට වඩා බරපතල ආහාර හිඟයක් රටේ පවතී.

වසර 13 කට පසු ලංකාවේ අඩුම තේ අස්වැන්න 2022 පෙබරවාරි වාර්තා විය. වසරටක ඩොලර් බිලියන 1.3 ක ආදායම් උපයන තේ කර්මාන්තය ද පොහොර හා වල් නාශක නොමැතිවීම හේතුවෙන් බිඳ වැටෙමින් ඇත.

චීන අශුචි පොහොර, නැනෝ පොහොර ආදී වංචා දුෂණ අක්‍රමිකතා ද, තරඟකාරී විවෘත වෙළෙඳාමට පිටින් ගජමිතුරන්ගේ සීනි, පොල්තෙල්, සුදුළුණු, හාල් ආනයන ජාවාරම් ආහාර මිල ඉහළයාමට හේතුවකි.

විදේශ විනිමය සහ ඉන්ධන අර්බුදය මෙන් නොව රටේ රුපියල් අර්බුදය හිතුවක්කාරී ලෙස මුදල් අච්චු ගසමින් සිදු කළ වැරදි මුල්‍ය කලමනාකරණ ගැටළුවකි.

 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්