1200 x 80 DMirror

 
 

ජාතික ආණ්ඩු කතාව ආණ්ඩු පක්ෂයෙන්ම ගොතන ලද කතාවක් බවත් මේ ආර්ථික අර්බූධයෙන් ගොඩයෑමට නම් rash programme එකක් අවශ්‍ය බවත්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

කෙටිකාලීනව මේ මොහොතේ ප්‍රශ්නයට මුහුණ දිය යුත්තේ ඒ ආකාරයට බවත් ඔහු අවධාරණය කර සිටියි.

 සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න එබව කියා සිටියේ,  Leader TV ගෙනඑන Direct Politics වැඩසටහනේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ලංකාවේ මේ මොහොතේ ඇත්තේ ආර්ථික ප්‍රශ්නයක් නොව මූල්‍ය ප්‍රශ්නයක් බවත් ඒ අර්බූධයෙන් ගොඩඒමේ යෝජනාවන් තමා සතු බවත් ඔහු ප්‍රකාශ කරයි.

මේ වැඩසටහන හරහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ලංකාවේ වමේ පක්ෂ හා වාමාංශක දේශපාලනය පිළිබඳවත්, එක්සත් ජාතික පක්ෂය යනු ධනේෂ්වර පක්ෂයක් නොව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවත් පෙන්වාදෙයි.

 

වර්තමානයේ ලංකාවේ වම ලෙස හඳුන්වාගන්නා ජනතා විමුක්ති පෙරමුණ පවා සටන් කරන්නේ කම්කරු රජයක් හෝ ගොවි පන්තියේ රජයක් වෙනුවෙන් නොව ජාතික ධනේශ්වර පන්තියේ අයිතිවාසිකම් ගැන බවත් ඒ අනුව වන පරිභෝජනවාදය ගැන බවත් රාජිත සේනාරත්න පවසයි.

 

යථාර්තය අවබෝධකර ගත් නායකයා රනිල් 


වමක් නැති රටක දකුණක් නොපවතින බවත් සිදුව ඇත්තේ එහි මධ්‍ය ස්ථානයකට පැමිණීම බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ කිනම් දුර්වලතා තිබුනත් මේ තත්වය ඉතා හොඳින් අවබෝධ කරගත්තෙකු බවත් රාජිත සේනාරත්න Direct Politics වැඩසටහනේදී කියා සිටියේය.


සම්පූර්ණ වැඩසටහන පහතින්.

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58