ඉන්දන පිරවුම්හලක පෝලිමේ සිටි තවත් පුද්ගලයකු අද (20) දහවල් ඇද වැටී මියගොස් තිබේ.



මිය ගොස් ඇත්තේ කඩවත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකින් පෙට්රල් ලබාගැනීමට පෝලිම සිටි හැත්තෑ හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකි.

පොලිසිය සඳහන් කරන්නේ, එම පුද්ගලයා ඉන්ධන ලබාගැනීමේ අරමුණින් පොලිමේ සිටිද්දී එකවර ඇද වැටී ඇති බවයි. ඔහු ක්ෂණිකව රාගම රෝහලට රැගෙන ගොස් ඇති නමුත් රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව පොලිසිය කියයි

මෙසේ මියගොස් ඇත්තේ මාකොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ දිනයේදීද මහනුවර පිරවුම්හලක භූමිතෙල් පෝලිමේදී හැත්තෑ හැවිරිදි පුද්ගලයෙක් ඇද වැටී මිය ගොස් තිබින.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්