මෙරට තුළ මේ වනවිට පවතින කොවිඩ් මර්දන එන්නතේ 03 වන මාත්‍රාව සඳහා භාවිත කරන එන්නත් තොග අවසන් වුවහොත් එම එන්නත් තොග යළි
ආනයනය සඳහා කාලයක් ගතවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
එබැවින් මෙතෙක් බූස්ටර් මාත්‍රාව නොගත් පුද්ගලයින් වේ නම් ඔවුන් හැකි ඉක්මනින් එම මාත්‍රාව ලබාගත ගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසිය.
බූස්ටර් මාත්‍රාව ලබාගැනීම සඳහා මේවනවිට ජනතාව තුළ දැඩි උනන්දුවක් පවතින බව ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් සඳහන් කළේය.
මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනය වන විට බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව හැත්තෑ හය ලක්ෂ 89,489 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
කොරෝනා මරණ 5ක් - ආසාදිතයන් 236ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 5 දෙනකු පෙරේදා (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (20) තහවුරු කළේය. මියගිය සියලු දෙනා වයස අවුරුදු 60 ඉක්මවූවෝ වෙති.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,431 දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අය අතර පිරිමි පුද්ගලයන් තිදෙනකු සහ කාන්තානක් දෙදෙනකු වන බව අධ්යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.
කොවිඩ් ආසාදිතයින් තව 236 ක් ඊයේ (20) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 658,197 ක් දක්වා ඉහළ ගොස් තිබේ.