මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ආපසු යාමට සූදානම් වූ පුද්ගලයකු ඇද වැටී රෝහල්ගත කිරීමේ දී මියගොස්
ඇතැයි මිරිගම පොලිසිය කියයි.
ත්රී රෝද රථයකින් පැමිණි පුද්ගලයකු පෝලිමේ සිට කෑන් තුනකට ඉන්ධන ලබාගෙන ඇත. අනතුරුව එම පුද්ගලයා කෑන් දෙකක් රැගෙන ගොස් තිරෝද රථයෙහි තබා ඇත.
තුන්වෙනි කෑන්එක රැගෙන යමින් සිටියදී ඔහු එක්වරම බිම ඇද වැටීමෙන් පසු ඒ අසල ආරක්ෂක රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් යුහුසුළුව මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
රෝහලට ඇතුළත් කරන පුද්ගලයා ඒ වන විටත් මිය ගොස් ඇති බව හෙළි වී තිබේ.
මේවනවිට ඉන්දන පෝලිම්වල සිටි 4 දෙනෙකු මියගොස් ඇති අතර ඊයේ දිනයේදී කොවිඩ් අසාදනයෙන් මියගොස් ඇත්තේ එක් අයකු බව වාර්තාවේ.
සබැඳි පුවත්
ඉන්ධන පෝලිමේ බහින්බස් වීම ඝාතනයකින් කෙළවර වෙයි
ඉන්ධන පෝලිමක ඇද වැටී තවත් අයෙක් මරුට
භූමිතෙල් පෝලිමේ සිටි වයෝවෘද අයෙක් වැටී මියයයි