ලබන 23 වැනිදා නුගේගොඩදී දැවැන්ත ජන රැළියක් පැවැත්වීමට ජාතික ජන බලවේගය සූදානම් වේ.



වත්මන් ආණ්ඩුවේ පීඩාකාරී පාලනයට එරෙහිව මෙම ජන රැළිය පැවැත්වෙන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දැවැන්ත ලෙස කඩාවැටීම හේතුවෙන් සමස්ත ආර්ථික දේහයම කඩාවැටී ඇති බව පෙන්වා දෙන අනුර දිසානායක පවසන්නේ, මේ හරහා රටතුළ කලු ආර්ථිකයක් නිර්මාණය වී ඇති බවයි. මේ හේතුවෙන් ජනතාව විඳින පීඩා දෙගුණ තෙගුණ වී ඇති බවත් ඔහු සඳහන් කරයි.

ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ප්‍රමාණවත් පරිදි සාධාරණ මිලකට ලබාදීමට පාලකයන් අසමත් වී ඇති බවත්, භාණ්ඩවල මිල ඉහළ යන ප්‍රතිශතය හා මිල ඉහළ යන වේගය අන් කවරදාටත් වඩා වර්ධනය වී ඇති බවත් ඔහු කියා සිටියි.

දැඩිලෙස ජනතාව පීඩාවට පත් කරන වත්මන් පාලකයන් පළවා හැර ජනතාවාදී පාලනයක් ගොඩනැගිය යුතු බවත්, ඊට නායකත්වය ලබාදීමට ජාතික ජන බලවේගය සූදානම් බවත් අනුර දිසානායක පවසයි.

 276026383 520383536118739 350915346875821692 n
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්