හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනී ජුලී චන්ග් අතර හමුවක් අද (21) සිදුව තිබේ.



ඒ, කොළඹ පස්වන පටුමගෙහි පිහිටි රනිල් වික්‍රමසිංහගේ නිවසේ දීය.

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරුණු බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනී ජුලී චන්ග් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ශ්‍රි ලංකාවේ හදිසි ආර්ථික අභියෝගවලට තිරසාර විසදුම් සෙවීමට එක්සත් ජනපදයට සහ ශ්‍රි ලංකාවට එකට ක්‍රියා කළ හැකි ක්‍රම පිළිබඳව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කළ බවයි.

රටක ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා ශක්තිමත් විපක්ෂයක ඇති අවශ්‍යතාවය පිළිබඳව ද මෙහි දී කරුණු සාකච්ඡා වී තිබේ.

 



The Leader TV අද වීඩියෝ

 
 
 
  
 
 
 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්