"යම් අමාත්‍යවරයෙකු, රාජ්‍ය නිලධාරීන් හෝ වෙනත් කිසියම් පාර්ශවයක් රට තුළ අරාජිකත්වයක් නිර්මාණය කොට මෙරටට විදේශීය මැදිහත් වීමක් සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව විවර කිරීමට උත්සහ කරන්නේ නම් රටේ රාජ්‍ය

නායකයා ලෙස සමස්ත මහ ජනතාවගේ යහපත උදෙසා ඔවුන්ට විරුද්ධව තරාතිරම නොබලා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම," ජනාධිපතිවරයාගේ යුතුකමක් මෙන් ම වගකීමක් බව මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහ නාහිමිවරු පවසති.

ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට  සහන සැලසීම සඳහා යෝජනා 13ක්  ඇතුළත් ලිපියක් තිබ්බටුවාවේ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියන් සහ  වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට ඊයේ (21) බාරදෙනු ලැබූ අතර ඉහත කාරණය සඳහන් වෙන්නේ එම ලිපිය තුලයි.

දෙස් විදෙස් විද්වතුන්ගෙන් සමන්විත සර්වපාක්ෂික සමුළුවක් කැඳවා තිරසර සංවර්ධනය උදෙසා සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම සහ උද්ගතව ඇති ආර්ථික අර්බුදයෙන් පීඩාවට  පත් ජනතාවට සහන සලසන ජාතික ප්‍රතිපත්තියක් සකස්  කිරීමේ අවශ්‍යතාව  මහනායක හිමිවරුන් එම ලිපියෙන් පෙන්වාදී ඇත.

විදේශ විනිමය අර්බුදය සමනය කර ගැනීම සඳහා හඳුනාගත් ප්‍රමුඛතා ලයිස්තුවක් අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ජීවන වියදම පහත හෙළීම හා දේශීය ආර්ථික ආකෘතියක් නිර්මාණය කිරීමද එම යෝජනා අතර වේ.


සම්පූර්ණ ලිපිය පහතින්,

DM letter 2022.03.22 1

The Leader TV අද වීඩියෝ

 
 
 
  
 
 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්