theleaderlk 01

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධුරයෙන් ඉවත්ව ඇත. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබේ.

සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙස තමාව පත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයා වෙත ප්‍රණාමය පුද කර ඇති උදය ගම්මන්පිල අමාත්‍යවරයා,  මේ වන විට බලශක්ති අමාත්‍ය ධූරයෙන් තමාව ඉවත් කර ඇති බැවින් විධායක තනතුරක් වූ ඉහත තනතුරේ තව දුරටත් රැඳී සිටීම නුසුදුසු බව සිය නිගමනය බව ජනාධිපතිවරයාට යොමුකර ලිපියේ සඳහන් වේ.

එබැවින් තමා ඉහත තනතුරෙන් වහාම ඉල්ලා අස් වන බව ගම්මන්පිල මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට සිය ලිපිය මගින් දැනුම්දී ඇත.

 

276224585 510299357131558 6135074603428715003 n

The Leader TV අද වීඩියෝ

 
 
 
 
 

Leader Whats app


  

 

33

 

34

නවතම පුවත්