විමල් වීරවංශ ප්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්නට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එකඟත්වය පළකර ඇතැයි

ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ඒ අනුව, ආණ්ඩුවට සහය දැක්වීම සහතික කිරීම සඳහා හෙට දිනයේ පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වන්නැයි බැසිල් රාජපක්ෂ, අසංක මන්ත්‍රීවරයාගෙන් පෞද්ගලික ඉල්ලීමක් කර ඇති බවත්, එහි සම්බන්ධිකරණ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙත පවරා ඇති බවත් ඉහත ආරංචිමාර්ග තවදුරටත් කියා සිටියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සිදු කරන ලද ඉල්ලීමක් අනුව, වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මාර්තු 23දා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ඇත.

ඒ අනුව ඊට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ වෙත ලිඛිතව දැනුම්දී තිබේ.

කෙසේවුවද විමල් විරවංශ ප්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් පසුගියදා රැස්වී තීන්දු කලේ තම සංවිධානය වෙනුවෙන් පුජ්‍ය අතුරලියේ රතන හිමි හා මහචාර්ය තිස්ස විතාරණ පමණක් ඊට සහභාගිවීම ප්‍රමාණවත් බවයි.

 

The Leader TV අද වීඩියෝ

 

ගෝඨාභය රටින් පැන්නීමේ කුමන්ත්‍රණයක්! | අද ගොසිප් එක 

 
 
 
 

Leader Whats app


  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්