theleaderlk 01

දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති සමග යොදාගෙන ඇති සාකච්ජාවට

තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ (ටෙලෝ) සහභාගිත්වය මෙතෙක් තහවුරු කර නොමැති බවට දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර තිබේ.

රටේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් කතා කිරීම සඳහා හෙට දිනයේ ජනාධිපති විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට සගභාගි වන්නේද යන්නත් TNA තවම හෙළි කොට නැත.

''දෙමළ ජාතික සන්ධානයේ හවුල් කාර පක්‍ෂ වන තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා සහ ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් ජනාධිපති සමග කතාබහට එනවා කියලා කීවා. ඒත් ටෙලෝ නායක සෙල්වම් අඩෙයික්කලෙයිනාදන් තවම එනවාද නැද්ද කියලා මට දන්වා නැහැ,'' යැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පවසයි.



මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආර්.සම්බන්ධන් කියා ඇත්තේ සාකච්ජා කරන කරුණු ලිඛිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දීමෙන් අනතුරුව ඔහු ලබා දෙන පිළිතුර අනුව කතා බහට යනවාද යන්න තීරණය කරන ලෙස ටෙලෝ නායකයා ඉල්ලා සිටී බවයි.




''සාකච්ජා කරන්න බලාපොරොත්තුවෙන කරුණු ගැන කලින් ජනාධිපතිට ලබා දෙනවට අනිත් අය කැමති වුනේ නැහැ.''

 ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් ඉකුත් 15 වැනිදා ආර් සම්බන්ධන්ගේ නිවසේ පැවති රැස්වීමේදී දෙමළ ජාතික සන්ධාන නායකයන්ට කරුණු දක්වමින් කියා සිටියේ, සාකච්ජා සඳහා සකස් කළ වැඩ සටහන ජනාධිපති වෙත යැවිය යුතු බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හා දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ජා සුපුරුදු පරිදි තුන්වැනි වතාවටත් මාර්තු 15 වැනිදා අවසන් මොහොතේදී කල් දැමිණි.

යළිත් එම සාකච්ජා මාර්තු 25 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට දින නියම කර තිබේ.

''දැන් අවුරුදු පනහක් තිස්සේ දෙමළ ජනයාගේ ප්‍රශ්නය ගැන කතා කරන අපි අපේ දේශපාලන විසදුම් ජනාධිපතිට පමණක් නොවේ සෑම පාර්ශවයකටම ඉදිරිපත් කරලා කතා කරනවා. අපි හොඳ සුදානමින් තමයි ජනාධිපති සමග කතා බහට යන්නේ,'' යි සම්බන්ධන් මන්ත්‍රීවරයා කියයි.

ජනාධිපතිවරයා විසින් මාර්තු 23 දාට කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය හැරුණු කොට ආණ්ඩුවේ හවුල්කාර ලංකා කම්කරු කොන්ග්‍රසය ඇතුළු විපක්ෂයේ පක්ෂ බහුතරයක් දැනුම් දී තිබේ. 

 


The Leader TV අද වීඩියෝ

 ගෝඨාභය රටින් පැන්නීමේ කුමන්ත්‍රණයක්! | අද ගොසිප් එක | The Leader TV

 
 

Leader Whats app


 

නවතම පුවත්