1200 x 80 DMirror

බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට වන්දි මුදල් ලබා දීමට රජය ගෙන ඇති  කිසිසේත්ම පිළිගත නොහැකි බවට ආණ්ඩුවේ

හවුල්කාර පාර්ශවයක් ප්‍රකාශ කොට තිබේ.

අතුරුදහන් වූ පුද්ගලයන් 'දක්නට නොමැති බවට' සහතිකයක් ලබාගන්නා එක් අයකු වෙනුවෙන් එක්වරක් පමණක් රුපියල් 100,000 ක් ගෙවනු පිණිස අධිකරණ අමාත්‍ය අලි සබ්රි ඉදිරිපත් කළ යෝජනාවකට ගිය සතියේ කැබිනට් අනුමැතිය ලැබී තිබුණි.

''මේ වන්දි වශයෙන් ලබා දෙන්න තීරණය කරලා තියෙන රුපියල් ලක්‍ෂයක මුදල නම් කිසිසේත් ප්‍රමාණවත් නැහැ. අතුරුදහන් කළවුන්ගේ ඥාතින්ට ඔවුන්ගේ සමීපතමයන් වටින්නේ රුපියල් ලක්ෂයක් දැ,'' යි  යාපනය දිස්ත්‍රික් ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ සංවිධායක, කිලිනොච්චි හා යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ගජන් රාමනාදන් ,මාධ්‍යවේදීන් හමුවේ ප්‍රශ්න කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රීලනිප නායකත්වය විශාල ජන සහභාගිත්වයකින් යුතුව යාපනයේ පැවැත්වූ ප්‍රසිද්ධ රැළියක් සංවිධානය කිරීමට පෙරමුණ ගෙන සිටියේ අන්ගජන් මන්ත්‍රීවරයායි.

''අතුරුදහන් කළවුන් සොයමින් සිටින ඔවුන්ගේ නෑදැයෝ මේක නම් පිළිගන්නේ නැහැ. දෙන්න ඕනේ ඔවුන් බාරගන්නා විසදුමක්.''

''තමන්ගේ ස්වාමිපුරුෂයන් විසින් ගෙල බැඳී තැල්ල ගලවනවද නැද්ද කියලා ප්‍රශ්නෙක මේ කාන්තාවෝ ඉන්නේ. ඔවුන්ට සාධාරණය ඉටු කළ යුතුයි.''

රාමනාදන් මන්ත්‍රීවරයා ආණ්ඩුවට අවධාරණය කරන්නේ අතුරුදහන් කළවුන්ගේ ගැටලුවට තාවකාලික පැලැස්තර නොයොදා තිරසාර විසදුමක් ලබා දිය යුතු බවයි.

ආණ්ඩුවේ ලක්ෂයේ වන්දිය හෝ මරණ සහතික පිළිගැනීම උතුරු පළාතේ බලාත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විසින් අවඥා සහගතව ප්‍රතික්ෂේප කර තිබේ.

 
 

The Leader TV අද වීඩියෝ 


සාටකයෝ මකබෑවෙන්න කණ්නලව්වක් ! | මොණරවිලගේ ලියමන

 

ජනාධිපති රටින් යන්න හදද්දි, කණකට ගැහුවම හරිද? | අද ගොසිප් එක

 

ආදරය එපා කිවූ ගුරුවරියට අත් වූ ඉරණම!

 


Leader Whats app


 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය