අගමැති හමුවීමට ගිය අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරය උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධානියෙක් විසින් හෙළා දැක තිබේ.



''අගමැති මහින්ද රාජපක්ෂ යාපනයට පැමිණීම මිනිස්සු රවටන වැඩක්. ප්‍රජාතන්ත්‍රවාදී යි කියන මේ රටේ ජනතාවට අගමැතිවරයා හමුවීමේ අනුමැතිය තියෙනවා. නිරායුධ ව ආපු අයට පොලීසිය පහර දීමත් බාධා කිරීමත් අනුමත කරන්න බැහැ,''යැයි උතුරු පළාත් සභාවේ හිටපු සභානායක සී.වී.කේ.සිවඥානම් පවසයි.

ඉකුත් සති අන්තයේ, යාපනය මට්ටුවිල් විශේෂ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට පැමිණි, අගමැතිවරයා හමුවීමට උත්සාහ කළ අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ට පොලිසිය පහර දී තිබේ.

මුලතිව් සිට පැමිණි අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ව මට්ටුවිල් අම්මාන් කෝවිල ආසන්නයේදී, ඔවුන් පැමිණි බස් රථය හරස් කළ පොලිසිය ඔවුන් මහමගට බැසීම වලක්වා ලමින් දොරටුව අසල රැකවල් ලා සිටිය ද එය සාර්ථක නොවිණි.

පොලිසිය බස් රියදුරාගෙන් ප්‍රශ්න කරමින් සිටියදී රථයෙන් පිටතට පැන ගත් අතුරුදහන් කළවුන්ගේ අම්මලා පිරිසක් උද්ඝෝෂණයේ යෙදී සිටියදී ඊට පොලීසිය විසින් බාධා කිරීමට යාමේදී නොසන්සුන්තාවයක් ඇතිවූ බව යාපනේ මාධ්‍යවේදීන් වීඩියෝ ගතකොට තිබේ.

එහිදී පොලිස් ප්‍රහාරයට ගොදුරුවූ අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ මුලතිව් නායිකා මරියසුරේෂ් ඊශ්වරීට රෝහල් ගතවන්නට සිදුවිය.

 

අගමැතිගේ යාපනාගමනයට විරෝධය දැක්වීමට පැමිණි යාපනේ වේලන් ස්වාමි ඇතුළු පිරිස රැගත් බස් රථය මට්ටුවිල් පන්නාර්ති පාලම අසල දී හරස් කළ පොලීසිය උත්සව සභාව අවසන්වන තෙක්ම ඔවුන් පිටතට පැමිණීම වළක්වා තිබිණි.

 

පසුව බස් රථයෙන් බැස ගත් පිරිස අගමැතිවරයා පිළිගැනීමට ප්‍රදර්ශනය  කර තිබුණු බැනර් හා 'කටවුට්' ඉරා දමා ඒවාට ගිනි තබා සිය විරෝධය දැක්විය.

 උතුරු පළාත් සභාවේ හිටපු සභානායක පවසන්නේ මහින්ද රාජපක්‍ෂ විපක්ෂයේ සිටිය දී මෙවැනි විරෝධතා, උද්ඝෝෂණ සංවිධානය කළ අයෙක් බැවින්, බලයට පැමිණිවිට අනෙක් අයගේ උද්ඝෝෂණය කිරීමේ අයිතිය ඇහිරීම ප්‍රජාත්නත්‍රවාදී නොවන බවයි.

''නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සිටින පොලීසියම මානව හිමිකම් උල්ලංඝණය කිරීම ප්‍රජාතන්තරවාදී රටක සිදු නොවිය යුතු දෙයක්.'' ඔහු වැඩිදුරටත් පැවසිය.

 e036c8f6 9324 4314 91be b437ef327b27IMG 20220321 WA0028

 

 
 
 
 
 

Leader Whats app


 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්