1200 x 80 DMirror

උතුරේ දෙමළ ජනයාට යුද සමයේ සහ ඉන් පසු කාලයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය

ඉටු කරන ලෙස රජයට බල කරමින් යාපනයේදී විරෝධතාවයක් පවත්වා තිබේ.

ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ සංවිධානයෙන් මාර්තු 23 වැනි බදාදා පැවැති විරෝධතාවය සදහා උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහම නියෝජනය කරමින් ජනතාව එක්ව සිටි බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

විරෝධතාවයෙන් පසු ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ සාමය හා තිරසාර සංවර්ධනය සදහා වු ජනතා සංවාදයේ සම්බන්ධීකාරක ඇන්තනී ජේසුදාසන් මාධ්‍ය වෙත සදහන් කළේ සංක්‍රාන්තික යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ආණ්ඩුව මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවයි.



''යුද්ධය නිමා වෙලා අවුරුදු 13 ක් ගතවෙලා තිබුනත් මේ වෙනකම්ම සංක්‍රාන්තික යුක්තිය ඉටුකිරීම සදහා ආණ්ඩුව ක්‍රියාත්මක උනේ නෑ. ''



ජාත්‍යන්තරය ගත් තීන්දු වලට අවනත නොවී ජාත්‍යන්තරයත් රවව්ටමින් මේ ආණ්ඩුව ක්‍රියාත්මක වන බවට චෝදනා කළ ඇන්තනී ජේසුදාසන් වැඩි දුරටත් සඳහන් කළේ විරෝධතාවය සදහා උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහම නියෝජනය කරමින් ධිවරයන්, ගොවීන්, කම්කරුවන් සහ  කාන්තාවන් එක්ව සිටින බවයි.

යාපනය නගරයෙන් ආරම්භ කළ විරෝධතා පෙළපාලිය උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය දක්වා පැමිණ එහිදී ද උද්ඝෝෂණයක් දියත් කිරීමට විරෝධතා කරුවන් කටයුතු කර තිබුනි.

සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත භාර දීමට ඔවුන් කටයුතු කර ඇති අතර පොලිස් නිලධාරියකු මාර්ගයෙන්  ආණ්ඩුකාරවරයා විරෝධතාකරුවන්ට දැනුම් දී ඇත්තේ සාකච්ඡාවක් සදහා ලබන සතියේ දිනයක් ලබා දෙන බවයි.

අවනැත් වු ජනතාවට නැවත ඉඩම් ලබා දෙනු, අතුරුදහන් වුවන්ගේ පවුල් සදහා යුක්තිය ඉටු කරනු, දේශපාලන සිරකරුවන් නිදහස් කරනු, දෙපාර්තමේන්තු නමින් දිගින් දිගටම සිදු කරන  ජනතාවගේ ඉඩම් අත්පත්කරගැනීම් වහා  නතර කරනු, විරෝධතාකරුවන්ගේ  මුලික ඉල්ලීම් වේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ සාමය හා තිරසාර සංවර්ධනය සදහා වු ජනතා සංවාදයේ සම්බන්ධීකාරක ඇන්තනී ජේසුදාසන් අනතුරු අගවා සිටියේ, ආණ්ඩුව සංක්‍රාන්තික යුක්තිය ඉටු කිරීමට කටයුතු නොකළහොත් ජනතාව සමග එක්ව  දිගටම අරගල කරන බවයි.

 Jaffna 1

Jaffna 5

Jaffna 4

Jaffna 3

 

 

 


 
 
 
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය