රාජ්‍ය පාලනයටත්, කම්කරුවන් ලෙසත් ලංකාවට පැමිණි ඉන්දීය සම්භවයක් සහිත

කඳුකර දෙමළ ජනයා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ඉන්දියාවට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.

''ඉන්දියාව ඇතුළු ලෝකය අපේ ජනතාව ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ කාලයක් දැන් ඇවිත් තියෙන්නේ,'' යැයි දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

''ඉන්දීය සම්භවයක් තියෙන ලක්ෂ 15ක් විතර වන කඳුකර දෙමළ ජනතාවගෙන් සියයට දහයක් පමණයි වතු කම්කරුවන් වෙන්නේ. කඳුකර දෙමළ සියල්ලෝම වතු කම්කරුවන් නොවේ කියලාත් අපේ ජනතාවගේ සංවර්ධනය ඉහළ යමින් තියෙනවා කියලත් විශේෂයෙන් ඉන්දියාව තේරුම් ගන්න ඕනේ.''

ඔහු මේ බව අවධාරණය කළේ කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මාර්තු 24 වැනිදා හමුවී කඳුකර දෙමළ ජනයාගේ සමාජ හා දේශපාලන අභිලාෂයන් ඇතුලත් ලියවිල්ලක් බාර දීමෙන් අනතුරුව පැවති කතා බහේදීයි.



''ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාවගෙන් ලක්ෂ හතරක් වතුකරයේ ජිවත් වෙනවා. ඒ අයගෙ පවුල්වලින් සියයට දහයක්, ලක්‍ෂ එක හමාරක් විතර ජිවත් වෙන්නේ ඉතාමත් දුප්පත්, පසුගාමී තත්වයක.''



''කඳුකර දෙමළ ජනතාව කම්කරුවන් විදිහට 1823 දී ලංකා ගෙනාවා. ඊට පස්සේ වෙළෙඳාම් සහ තවත් රැකියාවන් වලට මේ ජනතාව වැඩි වැඩියෙන්  මෙහෙ ආවා. 2023 අවුරුද්දට අවුරුදු 200 ක ඉතිහාසයක්. 1823 දී ලංකාවයි ඉන්දියාවයි පාලනය කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුවටත් අපි කියන්නේ ඔවුන්ටත් අපේ ජනතාව ගැන බැඳීමක් තියෙනවා කියලා.''

''කම්කරුවෝ හැටියට අපේ ජනතාව මෙහෙ ගෙන්න අවුරුදු අටකට කලින් 1815 දී මහනුවර රාජධානිය පාලනය කෙළේ ඉන්දියානු රාජවංශයක්. අවුරුදු 300 ක් වගේ තිබුණු  මදුරෙයි රාජවංශය අවසන් කළේ බ්‍රිතාන්‍යය පාලකයෝ.''

''මේකෙන් පේනවා අපි මේ රටේ වැඩ කරන්න විතරක් නෙවෙයි ආණ්ඩු කරන්නත් ඇවිත් ඉන්නවා කියලා.''

කඳුකර දෙමළ ජනයාගේ සමාජ හා දේශපාලන අභිලාෂයන් ඇතුලත් ලියවිල්ල මහ කොමසාරිස් වරයා හරහා  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යොමු කිරීමට නියමිතය.



ඉන්දීය මහ කොමසාරිස් බග්ලේ කියා සිටියේ කඳුකර දෙමළ ජනයාගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ඉන්දීය සම්භවයක් සහිත ජනයා බැවින් ඉන්දීය ආණ්ඩුව ඔවුන්ව රැක බලා ගන්නා බවට සහතික වන බවයි.



''ඉදිරියේදී දී ඉන්දියාවේ සහ තමිල්නාඩුවේ දේශපාලන සමාජීය සංස්කෘතික  ක්ෂේත්‍රවල ඉන්දීය සම්භවයක් තියෙන දෙමළ ජනයා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා.''

ලබන සතියේදී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශන්කර් හමුවී මේ පිළිබඳව තවදුරත් සාකච්ජා කිරීමට ද දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ තීරණය කර තිබේ.

ඉන්දීය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ කඳුකර දෙමළ ජනයාගේ ලියවිල්ලේ සඳහන් මුලික අවශ්‍යතා ගැන කොළඹ පැවැත්වෙන `බිම්ස්ටෙක්` සමුළුව හමාර වීමෙන් පසු මෙම සවිස්තරාත්මකව සාකච්ඡා කිරීමට තමන් කැමති බවයි. 

 Indu Lanka 1
Indu Lanka 2

 


The Leader TV අද වීඩියෝ
 
 
 
 
 
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්