ජනාධිපතිවරයා විසින් කැඳවනු ලැබූ සර්ව පාක්ෂික සමුළුව කිසිඳු නීත්‍යානුකූල පදනමක් නැති වැඩපිළිවෙළක්

බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් පවසයි.

ඔහු එබව කියා සිටියේ අද පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

''ඊයේ පැවැති සර්ව පාක්ෂික සම්මේලනය කිසිම නීත්‍යානුකූල පදනමක් නැති වැඩපිළිවෙළක්. කිසිම නීතිමය බැඳීමක් නැහැ. නීතිමය තත්ත්වයක් නැහැ. පාර්ලිමේන්තුව වගේ අමාත්‍ය මණ්ඩලය වගේ වගකීමෙන් බැඳිච්ච වැඩපිළිවෙළක් නෙමෙයි සර්වපාක්ෂික සමුළුව. නීත්‍යානුකූල ප්‍රජාතන්ත්‍රවාදී ආයතන දුර්වල කරලා. අධිපතිවාදි ග්‍රහණය කරගන්නට සැඟවුණු න්‍යාය පත්‍රයක් එක්ක කරන ඇස්බැන්දුමක් විදියට එය හඳුන්වන්න පුලුවන්.'' යයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.


ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.

''රටේ ආර්ථිකය ගැන තමයි ඒ සමුළුව කැඳවා තිබුණේ රටේ මූල්‍ය පාලනයට සම්පූර්ණ වගකීම තියෙන්නෙ කාටද පාර්ලිමේන්තුවටයි කවුරුත් දන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ අධිකරණය තියෙනවා ව්‍යවස්ථාදායකය තියෙනවා විධායකය තියෙනවා.

මූල්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රධාන වගකීම පාර්ලිමේන්තුවට තිබුණත් පසුගිය කාලය ඇතුළතදී මේ රටේ මුදල් ඇමැතිවරයා හැටියට මේ උග්‍ර ආර්ථික අර්බුදය ගැන කරුණු ඉදිරිපත් කිරීමක් පාර්ලිමේන්තුවට කලාද?

පාර්ලිමේන්තුව කියන්නේ මිනිසුන්ගේ ඡන්දයෙන් පත්වෙන මහජන නියෝජිතයෝ ඉන්න තැනක් ඒ ගරුත්වය දුන්නද?

රටවල් එක්ක ඇති කරගත්තේ ගිවිසුම් ඇති කරගත්ත විකිණීම් ගනුදෙනු ගැන ප්‍රකාශයන් කලාද?

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව ඉදිරිපත් කරන යෝජනා අදහස් වලට ඇහුම්කන් දෙන්න එතුමා පාර්ලිමේන්තුවේ කාලය ගත කරා ද?



අපේ රටේ පාර්ලිමේන්තුව ඉතිහාසයේම මෙහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. පාර්ලිමේන්තුව හෑල්ලු කරලා භාවිත කරලා. පාර්ලිමේන්තුවෙන් පරිබාහිරව මේ ආර්ථික අර්බුදයන් ගැන කතා කරන්න පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ වලට සාකච්ඡා කරන්න ආරාධනා කරනවා ඇයි එහෙම කරන්නේ.



පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ එක්ක ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන් එතුමාට ආසනයක් තියෙනවා. මුදල් ඇමතිතුමාට ආසනයක් තියෙනවා. ඇයි ඒ නීතිමය ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන දුර්වල කරන්නේ. ඇයි ඒවා හෑල්ලු කරන්නේ. ඒවා තුළ ඉඳගෙන සාකච්ඡා කරන්න පුළුවන් කමක් තියෙනවා.

අපි දිගටම විපක්ෂයක් විදිහටම ඉල්ලා සිටියා පාර්ලිමේන්තුව තුල ඒ ගැන කරුණු ඉදිරිපත් කරන්න කියලා. පාර්ලිමේන්තුව මගින් රට දැනුවත් කරන්න  සාකච්ඡාවකට එන්න කියලා කිව්වා. සහයෝගය සම්පූර්ණ දෙනවා කියලා කිව්වා.

නමුත් පිළිගත්තේ නැහැ ජනතාව පිට බදු පටවන තීන්දු ඔක්කොම පරිබාහිරව ගත්තා. සුපිරි ධනපති පන්තියට බදු සහන දෙන්න කටයුතු කළා. බදු ප්‍රතිපත්තිය වෙනස් කළා. සෘජු බදු අඩු කළා. වක්‍ර බදු වැඩි කළා එහිදී  මොකක්ද වෙන්නේ රටේ භාණ්ඩ මිල වැඩි වෙනවා. එහිදී මේ රටේ දුක් විඳින මිනිස්සුන්ට මධ්‍යම පාන්තිකයන්ට බර පටවනවා කියන එක. සෘජු බදු අඩුකිරීම තුලින් සුපිරි ධනපති පන්තියට සහන දුන්නා.


අද කතා කරන්නෙත් කාත් එක්කද මේ රටේ ඉන්න සුපිරිම ධනවතුන් එක්ක තමයි ආර්ථික අර්බුදය ගැන කතා කරන්නේ. ඒගොල්ලො පෙන්නන්නෙ රෝස මල් පින්තූරයක් අපේ ව්‍යාපාර හොඳයි අපි හොඳ සාර්ථකව කරගෙන යනවා කියලා ඒගොල්ලෝ කියනවා .මේ රටේ මධ්‍යම මට්ටමේ සුළු පරිමාණයේ නිෂ්පාදකයෝ එක්ක ව්‍යාපාරිකයෝ එක්ක සාකච්ඡාවක් කරන්න ආණ්ඩුවට වුවමනාවක් තියෙනවද? පැවැත්වුවද? කොයි ලෝකෙද මේ අය ජීවත් වෙන්නේ.



මේ විදිහට නම් රට යන්නේ මට මතක් වෙනවා හිට්ලර් වගේ ‍ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වෙලා පාර්ලිමේන්තුව හෑල්ලු කරලා සම්පූර්ණ බලය තමන්ගේ අතට ‍ග්‍රහණයට ගත්තා. විසිවෙනි සංශෝධනය තුළින් ඒ ගත්ත ග්‍රහණය අධිපතිවාදී බලය තවදුරටත් තියෙනවා. මේ සර්ව පාක්ෂික සමුළුව තුළ තියෙන යටි පෙළක් තියෙනවා. මේක තමයි ජනතාව කියවන්න ඕන.


මතුපිටින් පෙන්වන්නෙ අපි හැමෝම එක්ක කතා කරනවා සාකච්ඡා කරනවා අදහස් ගන්නවා මාර අයිසින් ගහපු ප්‍රජාතන්ත්‍රවාදයක්  පෙන්නුම් කරනවා නමුත් සැබෑ අරමුණ ඒක නම් පාර්ලිමේන්තුවේ දී  සාකච්ඡා කළ යුතුයි එහි නීතිමය බලය තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක්.



''විපක්ෂයේ අපි වල් මත් විය යුතු නැහැ''

මට කණගාටුයි ප්‍රජාතන්ත්‍රවාදය ගැන දැනුමක් තියෙනවා කියන අපේ හිටපු නායක තුමා සම්බන්ධ වෙලා තියෙනවා එතුමා මේ යටිපෙළ අරමුණ කියවා නොතිබීම ගැන කණගාටු වෙනවා .එතුමා කියනවා නිමල් සිරිපාල මහත්මයාගේ මිත්‍රත්වය නිසා තමයි මම මේකට ආවේ කියලා. මට පේන්නෙ නියම මිත්‍රත්වය සග වන්නයි ඒ ප්‍රකාශය කරලා තියෙන්නේ නියම මිත්‍රත්වය තියෙන්නේ වෙනම තැනක නිමල් සිරිපාල මහත්මයා ගේ මිත්‍රත්වය නිසා මේකට එනවා කිව්වම ඒක බොළඳ ප්‍රකාශයක්.

ජනතාවගේ ගැටලු විසඳන සාකච්ඡාව මූල්‍ය තත්ත්වයන් පිළිබඳ සංකීර්ණ ප්‍රශ්න ගැන සාකච්ඡා කලයුතු තීන්දු ගත යුතු නීත්‍යානුකූල වගකීම තියෙන නීත්‍යානුකූල බැඳීම තියෙන පාර්ලිමේන්තුව මගහැරලා විධායකයට අවශ්‍ය විදිහට හැම දෙයක්ම පාලනය කරන මාධ්‍ය සංදර්ශනයකට අපේ විපක්ෂය තුළ භේද ඇති කරලා ආණ්ඩුවේ පැවැත්ම ශක්තිමත් කරගන්න ගන්නා උත්සාහයේදී විපක්ෂයේ අපි වල් මත් විය යුතු නැහැ. මේක තේරුම් ගත යුතුයි. මෙහි බැරෑරුම් බව තේරුම් ගත යුතුයි.

මට මේ වෙලාවේ මතක් වෙන්නේ ලෝකය ගෞරවයට පත් වෙච්ච අග්‍රගන්‍ය ආර්ථික විශේෂඥයෙක් ඉන්නවා ඉන්දියාවේ හැමෝම අහල ඇති අමිර්ථ්‍යා සීං ඔහු ලෝක ගෞරවයට පාත්‍ර වෙච්ච කෙනෙක් එතුමා දිළිඳු බවේ මිනුම් දඬු ගැන ජතාවගේ සුබ සිද්ධිය මුල් කරගත් ආර්ථික ක්‍රමයන් ගැන සාමූහික තීන්දු ගැනීම් ගැන එතුමා කරලා තියෙන ප්‍රකාශ ඉතාමත් ඉහළ පෙළේ සාකච්ඡා වල් වලට විද්වත් සාකච්චා වලට මුල් වෙලා තියෙනවා.

එතුමාගේ ප්‍රකාශයක් උපුටා දක්වනවා නම් "ක්‍රිරියාකාරී ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින කිසිම රටක ඉතිහාසයේ කිසිම දිනක සාගතයක් ඇති වෙලා නැහැ"  ලංකාව අද සාගතයක් අබියසට ඇවිත් තියෙනවා ආහාර හිඟයක් තියෙනවා පෝලිම්වල මිනිස්සු ඉන්නවා. බඩු නැහැ. තමන්ගේ පඩි ඒ දිහා බලන කොට ඒ භාණ්ඩ මිලදී ගන්න පුළුවන් ශක්තිය හැකියාව මිනිස්සුන්ට නැහැ.



මේ තත්වය උදා වීම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පැවැත්මට සෘජුවම බැඳිච්ච තත්ත්වයක් කියලා මම ප්‍රකාශ කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තුව තුළ මගහැර යාම මේ රටේ මධ්‍යම පංතියේ පහළ මට්ටමේ නිෂ්පාදකයන් එක්ක ව්‍යාපාරිකයෝ එක්ක සාකච්ඡා නොකිරීම මේවට හේතු වුණා.

 

උදාහරණ කිහිපයක් ගන්න පුළුවන් මේ රටේ කෘෂිකර්මය පිළිබඳව අර්බුදයක් ඇති වුනා ඒ අරබුදයේ ප්‍රතිඵලය මොකක්ද අද. තේ නිෂ්පාදකයන්ට අල නිෂ්පාදකයන්ට වී නිෂ්පාදකයන්ට ආදායම නැති වුණා ඔවුන් කෘෂිකර්ම ක්ෂේත්‍රය වැළඳ ගත්ත අය ඒ හැම අංශයකම උදවියගෙන් රටේ ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් කෘෂිකර්මයෙන් මුදල් උපයගන්නේ ඔවුන්ගේ ආදායම් පල්ලෙහාටම වැටෙනවා අපේ රටේ ඒවා නිෂ්පාදන අඩු වුණා ආදායම් අඩු වුණා ඒ උදවියගේ අදහස් වලට ඇහුම්කන් දුන්නේ නැහැ.

 ‍ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පාර්ලිමේන්තු ඡන්දයක් තියලා අවුරුදු පහකට සැරයක් කතිරයක් ගහන එක නෙවෙයි. මිනිස්සු එක්ක සංවාදයක් තියෙන්න ඕන. තීරණ ගන්නකොට ඒ තීරණ වලට සම්බන්ධ සියලු පාර්ශ්වයන් සමඟ අදහස් හුවමාරුවක් තියෙන්න ඕන ඒවා තිබුණේ නැහැ.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඉහළ දැනුමක් තියෙන විශ්වවිද්‍යාල ප්‍රජාව 100 ක් විතරත් සංකරණ ජනාධිපතිතුමා හමු වෙන්න අවස්ථාවක් ඉල්ලුවා තීන්දුව ගත්ත වෙලාවෙ නමුත් ප්‍රතිචාරයක් දුන්නෙ නැහැ මහාචාර්ය මාරඹේ මහත්මයා වැනි උදවිය දක්වපු අදහස් වලට තුට්ටුවකටවත් සැලකුවෙ නෑ. ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ.

 අමිර්ථ්‍යා සීං කියමන පෙනවා ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන ආරම්භක සාගතයක් ඇති වෙන්න බැහැ ඇතිවෙලා නැහැ මේ ලෝකෙ ඉතිහාසය අපි සාගතයක් අභියස ඉන්නවා මේකට ප්‍රධාන හේතුව ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඈත් වීම ජනතා අදහස් වලට සවන් නොදීම මේ තීන්දු තීරණ වලට අදාළ පාර්ශ්වයන් වලට ඇහුම්කන් නොදීම මේ රටේ ලෝකයේ පිළිගැන්මට භාජනය වෙච්ච ඉහළ පෙළේ විද්වතුන්ගේ අදහස් මායිම් නොකිරීම කෘෂිකර්මය ප්‍රශ්න විතරක් නෙමෙයි සෞඛ්‍ය ප්‍රශ්නයට මොකද උනේ.

මලික්  පීරිස් මහත්මයා වගේ ලෝකයේ පිළිගත් අග්‍රගන්‍ය සෞඛ්‍ය විශේෂත්වය දුන්නු අවවාද කුණු භාල්දියට දැම්මා ඒවා මතකද මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු වගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම විශාරදයන් හමුවෙලා කතා කරපු වෙලාවේ මොකක්ද කළේ තුට්ටුදෙකේ පුංචි ළමයි දාලා ඒ අයව බාල්දු කරලා හෑල්ලු කරා . මේ රටේ ඉහළම පෙළේ සෞඛ්‍ය විශේෂඥ ගිහිල්ලා කතා කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය දුන්න ප්‍රකාශයන් බාල්දු කළා.

 දේශපාලන අරමුණු වලට ගියේ දේශපාලන වාසි වලට ගියේ මේ රටේ තිබෙන එකමුතුව සමගිය නැති කරන විදිය භේදකාරී දේවල් ව්‍යාපාර ගෙනිච්චා මතකද ඒ තත්ත්වය. මේ රටේ ප්‍රශ්න ඇති ගැටලු ඇති කරේ ප්‍රශ්න වලට හරියට ඇමතුවේනැත්තෙ නිවැරදිව ප්‍රශ්න තේරුම් ගත්තෙ නැත්තෙ පටු දේශපාලන අරමුණු නිසා. මේ තත්ත්වය අපි තේරුම්ගත යුතුව තිබෙනවා.



අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කරපු යෝජනාවක් උඩ තමයි සර්වපාක්ෂික සමුළුව කරන්නේ කියනවා මොකක්ද අරමුණ වෙන්න ඇත්තේ පක්ෂ 11ට ජනාධිපතිවරයාත් එක්ක පාලන වගකීම තියෙන පොදු පෙරමුණත් එක්ක තියෙන ප්‍රශ්න නිරාකරණය කරගන්න පොඩි උපායමාර්ගයක් මේක.



ඒ සඳහා  එය කරගන්න පාර්ලිමේන්තුව අමතක කරනවා පාරලිමේන්තුව යටපත් කරනවා වගකිව යුතු තැනට එන්නේ නැහැ නීත්‍යානුකූලව බැඳී තිබෙන තැනට එන්නේ නැහැ

මේක සිදුවෙන්නේ මේ විසිවෙනි සංශෝධනය පස්සේ සියල්ල අපට අරගෙන ග්‍රහණය තමන්ගේ අතට ගන්න හදනවා. මේ ආර්ථික අර්බුදයට හේතුව මම වගකියන්නේ නෑ මේවා අපේ පාලනයෙන් පිට කියලා කියනවා ආදායම් බිලියන ගණනක් නැති කරගත්ත එක කසල නැවත කිසිම දෙයක් ලබා ගන්නෙ නැතිව බිලියන ගණනින් සල්ලි ගෙව්වා.

 ඒව ජනතාවගේ බදු සල්ලි  වගේ වගකිවයුත්තන් කවුද කියලා හිතුවේ නෑ. ගජමිතුරු ධනවාදය ක්‍රියාත්මක උනේ ආදායම් නැති ඵලදායි නැති ගුවන්තොටුපල වල් නෙළුම් කුළුණ වරාය වැනි දේවල් සුදු අලි බවට පත්වුණා ගිනි පොලියට ණය ගත්තේ ලෝකයේ පිළගත්තෙ මූල්‍ය ආයතනවලින් සහනදායි ණය ගැනීම් නැතුව ගත්තේ ණයට ගත්තේ ඒ වගේ විපාක තමයි අද විඳින්න වෙලා තියෙන්නෙ.

ආණ්ඩුව දැන්වත් සද්ධාවෙන් විපක්ෂ නායකතුමා සෞඛ්‍ය අර්බුදයේදී කොච්චර කිව්වද කෙටි කාලෙකට රට අහන්න කියලා අපි දූපතක් ඇහුවොත් මේක බේරගන්න පුළුවන් කිව්වා වෙන්න බෑ කෙනෙක් ඒව එහිදී ඇමතිවරු හිනා වුණා. බෙහෙත් ගැන කිව්වම හිනා උනා. මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි පොඩි ප්‍රශ්නයක් කිව්වා. පැණි පස්සේ මුට්ටි පස්සේ ගියා මිත්‍යා වල් පස්සේ ගියා දාසය දාහක් ජීවිත බිලි දීලා තියෙනවා.

 මේවා තමන් නිර්මාණය කරගත්තා ප්‍රශ්න එහෙම නැතුව ලෝකෙට දොස් කියන්න බැහැ. අපේ කලාපයේ අනෙකුත් රටවල් ඔක්කොම විදේශ සංචිත වැඩි වුණා රට විශාල අර්බුදයකට ගිහින් තියෙනවා වගකීම ජනාධිපතිවරයා බාරගන්න ඕන. ඡන්ද තියෙන ආණ්ඩු වෙනස් කෙරෙන් නෙමෙයි ජනාධිපතිවරයා ගෙදර යා යුතුයි ඒකයි ජනතාවගේ හඬ.''

 

 


The Leader TV අද වීඩියෝ
 
 
 
 
 
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්