1200 x 80 DMirror

තමාට මාධ්‍ය සහය ලැබෙන්නේ 'පොත්ත සුදු නිසා' යයි විෂය බාර අමාත්‍යවරයා අවඥාවෙන් යුතුව ප්‍රසිද්ධියේ පැවසු බව ජාතික සත්වෝද්‍යාන

දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ පවසන්නීය.

ඇය එබව කියා සිටියේ පෙරේදා (23)  දියගම සෆාරි උද්‍යානයේ සිදුවූ සිද්ධියකින් අනතුරුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේදී තමන් මුහුණ දුන් අත්දැකීම් සම්බන්ධයෙන් ඊයේ (24) මාධ්‍ය හමුවක් පවත්වමිනි.

අමාත්‍යවරයා මෙසේ කියා සිටියේ අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු තවත් කිහිපදෙනෙක් ඉදිරිපිට දී බව ද ඇය පැවසුවාය.

“ඊයේ මං රිදියගම සිට කොළඹ එනකොට මගේ වාහනයේ ඉස්සර රෝද දෙකටම වැලි පුරවලා වහලා තිබුණා.”

“ඇමතිවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, මමත් තවත් කිහිප දෙනෙක් ඉන්නකොට අමාත්‍යවරයා මට කිව්වා ජනමාධ්‍ය මගින් මට සහාය දෙන්නේ මගේ පොත්ත සුදු නිසා කියලා.”

“කනගාටුවට කාරණයක්. කාන්තාවක් හැටියට මම ලැජ්ජා වෙනවා.” යයි ඇය එම මාධ්‍ය හමුවේදී පැවසුවාය.



පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණට පහරදීමක් !


ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සියලු පශු වෛද්‍ය නිලධාරීන්ඊයේ ඊයේ (24) සිට අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත්ව තිබේ.

ඒ රිදියගම සෆාරි උද්‍යානයේ සේවකයින් පිරිසක් එහි සේවය කරන පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ ට පහරදීමේ සිද්ධියට අදාළව කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලමිනි.

රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ ට එහි සේවකයින් පිරිසක් පෙරේදා (23) පස්වරුවේ පහරදීමක් සිදුකර තිබුණි. ඒ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ ද එහි ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටින අතරතුරදීය.

පහරකෑමෙන් තුවාල ලද පශු වෛද්‍යවරයා හම්බන්තොට මහරෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.‍

රිදියගම සෆාරි උද්‍යානයේ උපත ලද ඩෝරා සිංහ පැටවාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා ‍ලෙස ප්‍රියසාද් එදිරිවර්ණ පසුගිය සමයේ කතාබහට ලක්වු වෛද්‍යවරයෙකි.


 

 
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය