1200 x 80 DMirror

දෙමළ ඩයස්පෝරාව එක්ක කතා කරන්න කැමතියි කියල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආයෙත් වතාවක් කියල.



මේ වතාවේ කියල තියෙන්නේ ලංකාවේ සංචාරයක යෙදුණ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මුණගැහුන වෙලාවේ.

ජනාධිපතිතුමා පහුගිය සැප්තැම්බර් මාසේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමිනුත් ඒ කතාවම කිවුව.

මේ යෝජනාව ගැන ගෝලීය දෙමළ සංසංදයේ ප්‍රකාශක සුරේන් සුරෙන්දිරන්ගෙන් විමසීමක් කළා.

ඔහු කියන්නේ ඕනෑම වෙලාවක කතාකරන්න ඩයස්පෝරාව සූදානම් කියල. ඒ වගේම ලංකාවේ ආයෝජනය කරන්නත් සූදානම් කියල.

ඒත් ජනාධිපතිතුමා අවංකවමද මේ යෝජනාව කරන්නේ කියල ඔහු සැක පළ කරනවා.

සම්පූර්ණ සාකච්ඡාව වීඩියෝවේ.


 


WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය