1200 x 80 DMirror

වෙළෙඳපොළ තුළ සිමෙන්ති කොට්ටයක් උපරිම රුපියල් 1200කට විකිණීමට හැකියාව තිබියදී

රුපියල් 1850කට විකිණීම හේතුවෙන් ඇතිව තිබෙන මාෆියාව නිසා තවදුරටත් ඉදිකිරීම් කටයුතු කරගෙන යාමට නොහැකිව ඉදිරියේදී සියල්ල නතර විය හැකි බව ගොඩනැගිලි ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පැවසීය.

මෙම වෙළෙඳ මාෆියාව නිසා දැනටමත් කුඩා ගොඩනැගිලි ඉදිකිරීම්කරුවන් 50%ක් පමණ තම ව්‍යාපාර අත්හැර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් වහාම අදාළ ගොඩනැගිලි සඳහා ගිවිසුම්ගත කොන්ත්‍රාත් මුද‍ල සංශෝධනය කොට අද පවතින මිල ගණන් ලබා නොදුනහොත් සියල්ල නතරවන බව ද ඔහු කීය.

සිමෙන්ති ඒකාධිකාරයක් නිර්මාණය කිරීමේ ප්‍රතිඵලය දැන් සියලු දෙනාටම විඳින්නට සිදුව ඇති බවත් ලියනාරච්චි වැඩිදුරටත් පැවසීය.


(deshaya.lk)

 


 


Leader Whats app


 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය