ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ නිවසට පහරදුන් සැකකරුවන් ලබන නඩු දිනයට

පෙර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන නොතිබුණහොත් ඒ සම්බන්ධ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දෙන ලෙස අධිකරණ වෙත ඉල්ලීමක් ඉදිරිපත්ව ඇත.

පසුගිය පෙබරවාරි මස 14 වනදා උදැසන චමුදිත සමරවික්‍රම ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයත් සමගම චමුදිතගේ ජීවිතයට එල්ල වූ තර්ජනය සම්බන්ධයෙන් ඔහුට රාජ්‍ය ආරක්ෂාව ලබා දෙන මෙන් ඉල්ලා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් මෝසමටට අදාළව නඩුව ඊයේ ( 25)  එම  අධිකරණයේදී කැඳවන ලදී.

අගතියට පත් වූ චමුදීත සමරවික්‍රම ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා ප්‍රමුඛ නීතීඥ කණඩායමක් පෙනී සිටිමින් මෙම ප්‍රහාරය හා සම්බන්ධ කාරනා පිලිබඳව අධිකරණය හමුවේ කැරුණු දැක්විය.

මේ සිද්ධිය සිදු වී මේ වන විට මාස දෙකකට ආසන්න වුවත් තවමත් කිසිදු සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන නොමැති බවත් පොලිසියේ විමර්ශන පිලිබඳව සැහීමකට ලක් විය නොහැකි බවද එම නීතිඥයින් අධිකරණයට දැනුම්දී සිටියේය.

“මෙපමන කාලයක් ගත වීත් සැකකරුවන් අත් අඩංගුවට නොගත්තේ ඇයි’ දැයි කැස්බෑව මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් පොලිසිය පැවසුවේ ලබා ගන්නා ලද CCTV දර්ශන මොරටුව විශ්වවිද්‍යාලය වෙත යොමුකර තිබෙන බවත් එහි ප්‍රතිපල ලැබුණු වහාම එහි ඇති අංක තහඩු වලට අනුව කටයුතු කරන බවත් ය.

ඒ අනුව සැකකරුවන් වහාම අත් අඩංගුවට ගන්න ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් විසින් පොලිසියට නියෝග කළ අතර නඩුව නැවත අප්‍රේල් මස 27 වැනි දිනයට කල් තැබිය.

ඒ අවස්ථාවේ වින්ධිත සමරවික්‍රම ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා අධිකරණය අමතා, එදිනට සැකකරුවන් අත් අඩංගුවට ගෙන නොතිබුණහොත් මෙහි පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා රහස පොලිසියට භාර දෙන ලෙස ඉල්ලීමක් කළේය.

 

 


 


Leader Whats app


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්