අතුරුදහන්වුවන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂය බැගින් ගෙවීමට අධිකරණ ඇමති අලි සබ්‍රි  තීන්දු කළේ කුමන පදනමකින් දැයි මෙරට ප්‍රකට මානව හිමිකම්

ක්‍රියාධරයකු ප්‍රශ්න කර සිටියි.

'වොයිස් ටියුබ්' නාලිකාව වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් එසේ ප්‍රශ්නකර ඇත්තේ  බ්‍රිටෝ ප්‍රනාන්දු  ය.

ඔහු තවදුරටත් මෙසේද පවසයි.

''අද විශේෂයෙන් කථා කරන්න වෙන්නේ පහුගිය කාලාන්තරයක් තිස්සේ අතුරුදහන්වූවන්ට සාධාරණයක් කරන්න කියලා. උතුරු දකුණු බේදයකින් තොරව සාධාරණයක්, සත්‍ය, යුක්තිය සහ වන්දිය ගෙවන්න කියලා උද්ඝෝෂණයක් කලා.

ඊයේ පොරේදා අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා කැබිනට් එකට මේ අතුරුදහන්වුවන්ට රුපියල් ලක්ෂයක් ගෙවන්න. ඒක ඉංග්‍රීසියෙන් කියනවා once and for all පූර්ණ සහ අවසාන ගෙවීමකට අනුමැතිය අරගෙන තියෙනවා. ඒක පොල් ගෙඩි අකුරෙන් පත්තරේ දාලා තියෙනවා.

අපිට ප්‍රශ්ණ 2ක් තියෙනවා.

 

1) ලක්ෂයක්  කියලා තීන්දු කලේ කොහොමද?

 

2) පූර්ණ සහ අවසන් කියලා අදහස් කරන්නේ මොකක්ද?

 

දැන් ලක්ෂය කියලා කියන එක ගනිද්දී මංගල සමරවීර ඇමතිතුමා ඉද්දි ඔහු මේ අතුරුදහන්වුවන්ට වන්දි කොමිසමේ වන්දියක් තීරණය කරන තෙක් මාසෙකට රුපියල් 6000 බැගින් අවුරුදු 2ක් ගෙවන්න එකඟතාවය පළ කරලා, ඒකට මුදලුත් වෙන් කලා. ඒකට ගෙවන්න මිලියන 500ක් වෙන්කලා, ඒකෙන් ගෙවුනේ මිලියන 11යි පවුල් 153කට. අවම  144,000ක් අවම 6000 ගානේ අවුරුදු 2ක්.

ඒ ගෙවලා වන්දිය තීන්දු කරපුදාට ඒ ගෙවපු ප්‍රමාණයක් අඩු කරලා ගෙවනවාද නැද්ද යන්න සාකච්ඡාව තිබුණා. එතකොට අඩුම ගානේ 144000ක් ගෙවන්න තීන්දු කරලා තියෙද්දි මේ ලක්ෂය කියන එක අලි සබ්‍රි මහත්මයා තීන්දු කරන්නේ කොහොමද?


දෙවැනි කාරණය:


දෙවැනි කාරණය වන්දි කොමිසම උතුරු සහ නැගෙනහිර යුද්දේ ඒ කියන්නේ විශේෂයෙන්ම ජාතික ප්‍රශ්ණයට අරඹවා සිද්ද වුන සිද්දි වලට අමතරව දකුණේ සිදු වෙච්ච සිවිල් කලබල වල වින්දිතයන්ට අතුරුදහන්වුවන්ට, ඝාතනයවූවන්ට, රුපියල් ලක්ෂ 2 ඉඳන් ලක්ෂ 20 දක්වා පරාසයක ගෙවමින් සිටියා.

උදාහරණයක් වැලිකඩ බන්ධනාගාරයේ මියගිය අයට ලක්ෂ 20ක් ගෙව්වා. කටුවාපිටියට ලක්ෂ 10ක් ‌ගෙව්වා. එතකොට දර්ගා නගරයේ ඉන්න ලක්ෂ 2, 5 ගෙව්වා. එතකොට ලක්ෂ 2යි, ලක්ෂ 20ක පරාසයක වන්දි ගෙවමින් ඉද්දි කොහොමද මේ පූර්ණ සහ අවසාන වශයෙන් ලක්ෂය කියලා තීන්දු කරන්නේ?


තුන්වැනි කාරණය:


වන්දි කොමිසමේ පණතේ තියෙනවා ඉතා පැහැදිලිව අතුරුදහන්වුවන් වෙනුවෙන් අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳව කාර්යාලයෙන්  නිර්දේශ ලැබුනාම ඒ නිර්දේශ මත පදනම් වෙලා වන්දියක් ගෙවීම කියලා. එතකොට මේ දක්වා අතුරුදහන් වු තැනැත්තන් වෙනුවෙන් කාර්යාලයෙන් අතුරුදහන්වුවන් වෙනුවෙන් කිසියම් නිර්දේශයක් ඉදිරිපත් කරලා නෑ.

එතකොට ඒ නිර්දේශයක් ඉදිරිපත් වුනොත් තමයි වන්දි කොමිසමට පුළුවන් වෙන්නේ ඒ අයට කීයක් ගෙවනවද කියලා ඒක තීන්දු කරන්න‌ අන්න ඒ තියෙන තත්වයන් උඩ. එතකොට එහෙම නිර්දේශයක් ඉදිරිපත් නොවී තිබියදි මේ රුපියල් ලක්ෂය අලි සබ්‍රි මහත්මයා යෝජනා කරන්නේ කොහොමද?

 

එතකොට මේකේ එකක් ඉතා පැහැදිලි. මේ හදන්නේ මිනිසුන්ගේ අසරණකම ආර්ථික අමාරුකම් ටික ප්‍රයෝජනයට අරගෙන රුපියල් ලක්ෂයක් ගෙවලා මේ සත්‍ය සහ යුක්තිය කියන කාරණා 2 ආපස්සට දාලා නිශ්ශබ්ද කරන්න.

 

එතකොට අපි ආණ්ඩුවට කියන්නේ ඉතා පැහැදිලිව මේ රුපියල් ලක්ෂය අතුරුදහන්වුවන්ට ගෙවන තාවකාලිකව සහණාධාරයක් නම් අපි ආණ්ඩුවට ස්තුතිවන්ත වෙලා මේක භාර ගන්නවා. දෙමවුපියන්ටත් අපි කියනවා මේක භාරගන්න කියලා.

හැබැයි ආණ්ඩුව හිතනවා නම් මේ රුපියල් ලක්ෂය ගෙවලා පූර්ණ සහ අවසන් අතුරුදහන්වුවන් ගැන කථා කරන්න බැහැ. ඒ නිසා මේක මෙතනින් ඉවරයි කියනවා නම් අපි ඒකට විරුද්ධ වෙනවා කියන පණිවිඩය දෙන්න ඕනා.

ආණ්ඩුවට කියන්නේ සත්‍ය, යුක්තිය සහ සාධාරණත්වය ඉටු නොකලනම් කවදාවත් නැවත සිදුවීම් වළක්වන්න බැහැ. එතකොට මේ ආණ්ඩුව ජිනීවා වලදි පෙනී ඉන්නවා මේවා නවත්වන්න ඕනා වන්දි දෙන්න ඕනා යුක්තිය ඉෂ්ඨ  කරන්න ඕනා කියලා අනිත් පැත්ත ලක්ෂයක් ගිහිල්ලා අත හෝදගෙන මේ අතුරුදහන් වීම් කියන කාරණයම  අතුරුදහන් කරන්න උත්සහ කරන්නේ.

ඒ නිසා අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුව අවසාන වශයෙන් කියන්නේ රුපියල් ලක්ෂය තාවකාලිකව සහනාධාරයක් හැටියට අතුරුදහන් පවුල් වලට ලබා දිය යුතුයි.

මේකෙන් කිසිසේත් සත්‍ය සහ යුක්තිය යටපත් කර ගැනීමට ඉඩ නොතිබිය යුතුයි.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්