යුද පීඩාවෙන් ගැලවීම පිණිස රටින් පලා යන්නට සිදුවූ දෙමළ ජනතාවගේ මුදල් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රට තුලට ගෙන්නා ගැනීමට වීරිය
කරන ආණ්ඩුවම යුද පීඩිත කලාපයේ වෙසෙන දෙමළ ජනතාවට අඩන්තේට්ටම් කිරීම කෙරේ අවධානය යොමුවී තිබේ.

ඉකුත්දා කැඳවන ලද බහු පාක්ෂික සමුළුවකදී මෙන්ම දෙමළ ජාතික සන්ධානය සමග පැවති හමුවකදීත් දෙමළ ඩයස්පෝරා ආයෝජන වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මනාපය පලවී තිබුණි.

ඊට දින කිහිපයකට ඉහතදී අගමැතිවරයා යාපනයට ගිය අවස්ථාවේ ඊට විරෝධය පල කිරීමට තැත් කළ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ට පොලිසිය විසින් කරන ලද හිරිහැරයට ගොදුරු වූ  මාතාවකට රෝහල් ගතවන්නට සිදුවී තිබුණි.

පොලිසිය විසින් යාපනයේ මට්ටුවිල් අම්මාන් කෝවිල අසලදී තමන් ඇතුළු පිරිසකට පහරදීම සම්බන්ධයෙන් පොලිසියට චෝදනා කරන  බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ සංගමයේ (ARED) මුලතිව් නායිකා මරියසුරේෂ් ඊශ්වරී ඒ ගැන වහාම පරීක්ෂණයක් පවත්වා වරදකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස ඉල්ලා සිටී.

එම විරෝධතාවට එක්වූ නැගෙනහිර වලිකාමම් ප්‍රාදේශීය සභා සභාපති ත්‍යාගරාජා නිරෝෂ් සහ චාවාකච්චේරි ප්‍රාදේශීය සභා සභාපති සෙල්වරත්නම් මයුරන් පොලිසියට කැඳවා ප්‍රශ්න කර තිබුණි.

යුද අපරාධ චෝදනා විභාග කොට යුක්තිය සලසා දෙන මෙන් ඉල්ලා සිටින අම්මාවරුන් ප්‍රමුඛ දෙමළ ජනතාවට පොලිසිය, යුද හමුදාව සහ ඔත්තු සේවා විසින් දිගින් දිගටම කරන හිරිහැරයට එරෙහිව එක්සත්ව හඬ නැගීමේ සංවිධානයක අවශ්‍යතාව මතුව ඇති බව  ARED මුලතිව් ලේකම් ප්‍රභාකරන් රංජනා අවධාරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ බහුජන සංවිධාන සමග කළ සාකච්ඡාවකදී පොලිස් ප්‍රහාරය හෙලා දකිමින් අප්‍රේල් 3 දා විරෝධතාවක් පැවැත්වීමට තීරණය කෙරුණු බව ඇය පළාතේ මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබේ.

lkss




 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්