උතුරු නැගෙනහිර කාන්තාවන් වෙනුවෙන් සංවිධානය කර තිබු උත්සවයකදී අවිනීත ලෙස හැසිරුණ නැගෙනහිර පළාත් සභා හිටපු ඇමතිනී ආරියවතී
ගලප්පත්තිට සභාවෙන් එල්ලවූ විරෝධය හමුවේ ඇය හු හඬ මැද පලායාමේ පුවතක් ත්‍රිකුණාමලයෙන් වාර්තාවේ.
උතුරු නැගෙනහිර කාන්තාවන් වෙනුවෙන් ධීවර සහයෝගීතා ව්‍යාපාරය විසින් ඊයේ (28) ත්‍රිකුණාමලයෙදී මෙම උත්සවයක් සංවිධානය කර තිබිණ.
මෙම උත්සවයේදී උතුරු නැගෙනහිර පළාතේ යුද්දයෙන් පීඩාවට පත් ගෘහ මූලිකයනට හා කඳවුරු ගත සිටින කාන්තාවන්ගේ ගැටළු සහ ඊට විසැඳුම් සම්බන්ධයෙන් රචිත පොතක් එළි දැක්වීමේ ක්‍රමවේදය විවේචනය කළ ආරියවතී ගලප්පත්ති ගේ දෝෂාරෝපනයට ලක් වීම නිසා එම උත්සවයේදී දැඩි උණුසුම් කාරී තත්ත්වයක් ඇති විය.
එම පොත පළමුවෙන්ම නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී.වනිගසිංහට සහ නැගෙනහිට පළාත් ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායකට පිළිගන්නවා පසුව ආරියවතී ගලප්පත්ති ට පොත පිළිගැන්වීය.
එම ක්‍රියාවට විරෝධය දැක් වූ හිටපු ඇමැතිනිය කාන්තාවන් සම්බන්ධ කටයුත්තක් නම් පළමුවෙන්ම පොත පිළිගැන්විය යුත්තේ කාන්තාවකට බවට සංවිධානය මණ්ඩයට දෝෂාරෝපණය කළාය.
පසුව ඇගේ කතාවේදී රාජ්‍ය නොවන සංවිධාන දැඩි ලෙස දෝෂාරෝපණය කිරීම නිසා එහි සිටි පිරිසගෙන් ඇයට දැඩි විරෝධයක් එල්ල විය.
පසුව ඇය කාන්තාවන්ගේ හූහඬ මධ්‍යයේ උත්සව සභාවෙන් පිටව ගියේ සියලුදෙනාට පරුෂ වචනයෙන් බැන වදිමිනි.
නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් තුසිත පී.වනිගසිංහ ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක සහ නැගෙනහිට පළාත් හිටපු ඇමැතිනී ආරියවති ගලප්පත්ති මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී විය.
ඊට නැගෙනහිට පළාතේ කාන්තාවන් ද විශාල පිරිසක් එක්ව සිටියහ.
(මුලාශ්‍රය - kubiyonews.com)
The Leader TV අද වීඩියෝ
මී ගොං වස්සෙක් ගෙන් ආදර්ශයක් ! | මොණරවිලගේ ලියමන
රනිල් ගැන සමාජ කියවීම කෲර ධනවාදියෙක් කියලයි - පාඨලී චම්පික රණවක | Direct Politics