1200 x 80 DMirror

මුහුණ පුරා රැවුල වවා නොමැති රජයේ සේවකයන් සේවයෙන් නෙරපා දැමීමට, ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කර තිබේ.



ෂරියා නීතිය අනුව, මුහුණ පුරා රැවුල වවා තිබිය යුතු බව තලේබාන් රජයේ ‘ශීල ප්‍රචාරණය සහ දුර්ගුණ වැලැක්වීම පිළිබඳ අමත්‍යාංශය’ මීට පෙර අවස්ථා ගණනාවකදී ඇෆ්ගන් රාජ්‍ය සේවකයන්ට දැනුම් දී තිබුණි.

ශීල ප්‍රචාරණය සහ දුර්ගුණ වැලැක්වීම පිළිබඳ අමත්‍යාංශය’ යනු ඇෆ්ගන් වැසියන් තුළ ආගමික ගෞරවය ස්ථාපිත කිරීමටත් යහපත් ශිෂ්ට සමාජයක් බිහි කිරීමටත් ස්ථාපිත කළ අමත්‍යාංශයක් බව තලේබාන් රජය පැහැදිලි කර තිබේ.

ඊයේ (28) සිට කාබුල් අගනුවර අමත්‍යංශවල රාජ්‍ය සේවකයන් රැවුල වවා තිබෙනවාද නැද්ද යන්න සෙවීමට නිලධාරීන් කණ්ඩායම් යෙදවූ බව ද වාර්තා වේ.

(රොයිටර් : උපුටා ගැනීම lankadeepa.lk)

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය