අත්‍යාවශ්‍ය ඖෂධ හා ආම්පන්න හිඟය නිසා දිවයිනේ ප්‍රධානතම රජයේ රෝහලක ශල්‍යකර්ම වහාම අත් හිටුවීමට සිදුවී තිබීම ඉන්දීය රජයේ අවධානයට

යොමුවී තිබේ.

ඒ සම්බන්ධයෙන් තමන් කම්පාවට පත්ව සිටින බව දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් මාර්තු 28 දා නිකුත් කළ චක්‍රලේඛයකට අනුව එම රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ හා ආම්පන්න හිඟයක් පවතී.

"මේ ප්‍රශ්නය අද රෝහල් කළමනාකරණ කමිටුවේදී අද සාකච්ඡා කරන ලදී. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු  (දැනට රෝහල් ගත කොට සිටින්නන්ගේද ඇතුළුව) සියලුම එදිනෙදා ශල්‍යකර්ම අදම අත් හිටුවීමට තීරණය කරන ලදී," යි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනයකට පිටපතක්ද සහිතව වෛද්‍ය එච් එම් අර්ජුන තිලකරත්න විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ දැක්වේ.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් ඉන්දීය ආධාර ලබා ගැනීමට මැදිහත් වන බව දැනුම් දී තිබේ.

"මේ ප්‍රවෘත්තිය දැකීමෙන් කම්පාවට පත්ව සිටිමි. ඉන්දියාවේ උපකාරය ලබා දිය හැක්කේ කෙසේදැයි සාකච්ඡා කරන ලෙස මහ කොමසාරිස් බග්ලේ ගෙන් ඉල්ලා සිටින්නෙමි," යි විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශන්කර් සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකාවට 1990 'සුවසැරිය' ගිලන් රථ සේවාව ප්‍රදානයකර ඇත්තේ ද ඉන්දියාවයි.

 

IMG 20220329 121048

වෛද්‍ය එච් එම් අර්ජුන තිලකරත්න විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය

 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්