ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් විසින් යහපාලන ආණ්ඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාට

අද (29) දිනයේ විශේෂ ස්තුතියක් පිරිනමා තිබේ.

ඒ, 1990  සුවසැරිය මෙරට ආරම්භ කිරීමට සිදුකළ කැපවීම වෙනුවෙනි.

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සහ 1990 සුවසැරිය නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා අතර විශේෂ සාකච්ඡාවක් අද (29) පස්වරුවේ රාජගිරියේ පිහිටි 1990 සුවසැරිය ප්‍රධාන මූලස්ථානයේදී සිදුවිය.

ඉන්දීය සහයෝගයෙන් ආරම්භ කෙරුණු 1990 සුවසැරිය ගිලන්රථ සේවය අද තිබෙන තත්ත්වය පිළිබඳව තමා අතිශයින්ම සතුටට පත්වන බව මෙම අවස්ථාවේදී පැවසු ජයශංකර්, ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට සූදානම් බව සඳහන් කළේය.

මෙම අවස්ථාවට අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය. 

 

 {gallery}1990{/gallery}


The Leader TV අද වීඩියෝ 

සජබ ඇතුළෙ කැරළි එළියට! | අද ගොසිප් එක | The Leader TV

මී ගොං වස්සෙක් ගෙන් ආදර්ශයක් ! | මොණරවිලගේ ලියමන

රනිල් ගැන සමාජ කියවීම කෲර ධනවාදියෙක් කියලයි - පාඨලී චම්පික රණවක | Direct Politics

නාමල් බේබිට සිරිසඟබෝ ගහලා! | අද ගොසිප් එක

 

Leader Whats app


 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්