1200 x 80 DMirror

රට පුරා විසිරි සිටින කඳුකර දෙමළ ජනයා එක් කොට  භුමිය මත පදනම් නොවූ

බලය බෙදා හැරීමේ ව්‍යුහයක් සැකසීමට මැදිහත්වන ලෙස ඉල්ලීමක් ඉන්දියාවට ඉදිරිපත්ව තිබේ.

''කඳුකරයේ පමණක් නොවේ ලංකාව පුරාම විසිරී ජීවත්වෙන අපේ ජනයා වෙනුවෙන් භුමිය මත පදනම් වෙලා නොවේ, ප්‍රජා සභාවක් අනුව බලය බෙදා හැරීමේ ව්‍යුහයක් ඇති කරන්න අපි ඉන්දියාවේ සහයෝගය ඉල්ලනවා. මේ ගැන යෝජනාවක්  අලුත් ව්‍යවස්ථාවක් හදන්න  ආණ්ඩුව පත්කරපු කොමිටියත් බාර දුන්නා,'' යැයි දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ සෙසු නායකයන් සමගින් දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ඇමැති සුබ්‍රමානියම් ජෙයශන්කර් ඊයේ [28] හමුවූ අවස්ථාවේදියි.

''13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වා දී ඇති බලය බෙදා හැරීමේ ව්‍යුහය වුනු පළාත් සභා ක්‍රමය මුළු රටටම අයිති එකක් කියලා අපි පිලිගන්නවා. අපි ඉල්ලන්නේ අපේ ජනතාවගේ අනන්‍යතාවය රැකෙන පදනමක්.''



ඉන්දීය හා ලාංකික දෙමළ ප්‍රජාවේ සංඛ්‍යාව තිස් එක් ලක්ෂය ඉක්මවයි. මෙයින් අඩකට වැඩි පිරිස ජීවත් වන්නේ උතුරු නැගෙනහිරය. 2012 සංගණනය අනුව 839,504 (4.12%) ක් වන මලයහ තමිල් (කඳුරට දෙමළ) ජනකාය දිවයිනේ සිව්වැනියට විශාලතම ජාතිකත්වයයි.



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි වෙත යොමු කරන මෙන් දින කිහිපයකට පෙර මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේට බාර දුන් කඳුකරයේ දෙමළ ජනයාගේ සමාජ හා දේශපාලන අභිලාෂයන් ඇතුලත් ලියවිල්ල ගැන ද කඳුකරයේ දේශපාලන නායකයෝ විදේශ ඇමැති ජෙයශන්කර් ට පැහැදිලි කර තිබේ.

''ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුවේදී සාකච්ඡා වුනු පරිදි භූගෝලීය වශයෙන් නුවරඑලියට සංකේන්ද්‍රණය වී සිටින්නාවුද රටේ වෙනත් පලාත්වල විසිරී සිටින්නාවුද ප්‍රජාවට වරමක් සහිතව භෞමික නවන ප්‍රජා සභාවක් පිහිටුවීම,'' ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට යවන ලද ලියවිල්ලේ ඉල්ලීම වෙයි.



''පුරවැසි භාවය ගැන නීතිමය ගැටළු අවසන් වෙලා තිබුනත්, ඉන්දීය සම්භවයක් සහිත කඳුකර දෙමළ ජනයා මෙරටේ සම අයිතීන් ඇති පුරවැසියන් ලෙසට තවම පිළිගැනීමක් නැහැ,'' යැයි පැවසූ මනෝ ගනේෂන් ඉන්දීය විදෙස් ඇමැති ගෙන් ඉල්ලා සිටියේ, ඉන්දු ලංකා රාජතාන්ත්‍රික හොඳ හිත යොදා ගනිමින් තම ජනයාට සම පුරවැසියන් ලෙස පිළිගැනීමක් ලබා දෙන ලෙසයි.

 


එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ කුසගින්න නිවා ගැනීමට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම ගැන කඳුකර නායකයෝ ඉන්දියාවට ස්තුතිය පළ කළහ.

''ඉන්දීය සම්භවයක් සහිත කඳුකර දෙමළ ජනයාට, විශේෂයෙන් වතු කම්කරුවන්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය, සංස්කෘතික හා නිවාස කේෂේත්‍ර වලට ලබා දෙන සහයෝගය තවත් වැඩි කරන්න,'' යැයිද මනෝ ගනේෂන් ඉන්දීය විදේශ ඇමැතිගෙන් ඉල්ලයි.  

dyghgh


The Leader TV අද වීඩියෝ 

සජබ ඇතුළෙ කැරළි එළියට! | අද ගොසිප් එක | The Leader TV

මී ගොං වස්සෙක් ගෙන් ආදර්ශයක් ! | මොණරවිලගේ ලියමන

රනිල් ගැන සමාජ කියවීම කෲර ධනවාදියෙක් කියලයි - පාඨලී චම්පික රණවක | Direct Politics

නාමල් බේබිට සිරිසඟබෝ ගහලා! | අද ගොසිප් එක

 

Leader Whats app


 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්