කොළඹ විශාකා විද්‍යාලයේ සේවය කරනු ලබන ගුරුවරියකට එම විදුහලෙන් ඉල්ලා අස්වෙන ලෙස

බල කරමින් එල්ල වූ බලපෑම් හේතුවෙන් එම ගුරුවරිය කම්පනයට ලක්වීමෙන් මේ වන විට රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

විශාකා විදුහලේ විදුහල්පතිවරිය, එම විදුහලේ සහකාර විදුහල්පතිවරුන් තිදෙනෙකු සහ කාර්යාල ලිපිකාරිණිය විසින් දිගින් දිගටම තමන්ට විශාකා විදුහලෙන් ඉල්ලා අස්වෙන බවට සඳහන් ලිපියකට අත්සන් තබන ලෙසට බලකරනු ලැබූ බව සිද්ධියට මුහුණ දුන් ජානකි වික්‍රමසිංහ ගුරුවරිය ප්‍රකාශ කර සිටියි.



තමන්ට පසුගිය කාල සීමාව පුරාවට එල්ලවූ මෙම බලපෑම් හේතුවෙන් තමන් දැඩි සේ මානසික පිඩාවට ලක්ව සිටින බව එම ගුරුවරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.


සිය ස්ව කැමැත්තෙන් පාසැලෙන් ඉවත්ව යන බවට සඳහන් එම ලිපියට අත්සන් තබන ලෙසට බල කරමින් විශාකා විදුහලේ විදුහල්පතිවරිය ඇතුළු පිරිස දිගින් දිගටම සිදුකළ බලපෑම් හේතුවෙන් පාසැලේදී එකවර සිහිමුර්ජාවට ලක්වූ මෙම ගුරුවරිය කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබු අතර එහිදී ඇයට කතා කිරීමට හෝ ඇවිදීමට නොහැකිව සිටි බව පවසමින් එම ගුරුවරියගේ ස්වාමිපුරුෂයා සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමින් ප්‍රකාශ කර තිබිණ.

සිය බිරිඳ විසින් විශාකා විදුහලේ විදුහල්පතිවරිය මුණ ගැසී මේ සම්බන්ධයෙන් කතා කිරීමට ගියත් ඇයට ඒ සඳහා වෙලාවක් නොමැති බැවින් ලිඛිතව එය ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවත්, ඒ අනුව තම බිරිඳ විසින් පිටු 12කින් යුත් ලිපියක් හරහා සිය කරුණු දැක්වීම සිදුකළ බව ඔහු වැඩිදුරටත් එම වීඩියෝවෙන් කියා සිටියි.

දිගින් දිගටම පාසැලේ සිදුවන කටයුතු සහ එල්ලවන බලපෑම් හේතුවෙන් තම බිරිඳට එල්ලවී ඇති පිඩාව හේතුවෙන් තමන් සහ කුඩා දියණිය ද දැඩි අසරණභාවයකට පත්ව සිටින බව  ඔහු වැඩිදුරටත් පවසයි.

 

ydyrtytr


විදුහල්පතිනිය කියන කතාව :

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන විශාකා විදුහලේ විදුහල්පතිවරිය කියා සිටින්නේ මෙම සිදුවීමට අදාළ ගුරුවරියට තමන් කිසිදු අයුරකින් පාසලෙන් ඉවත්ව යන ලෙසට බලපෑම් නොකළ බවයි. ඇය විශාකා විදුහලට චිත්‍ර ගුරුවරියක් ලෙසට සම්බන්ධ වුවද, ඇය ශිෂ්‍යභට පුහුණු ගුරුවරියක් නිසා එම කටයුත්තට අනියුක්ත කළ බව විදුහල්පතිවරිය ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වුවත් 2016 වර්ෂයේ සිට තමන් මිට පෙර සේවය කළ පාසැල් වලදී අත්විදීමට සිදුවූ කරුණු කිහිපයක් ගෙනහැර දක්වමින් තමන්ට ශිෂ්‍යභට ඛණ්ඩය භාර ගෙන කටයුතු කිරීමට නොහැකි බව දැනුම් දෙමින් පිටු 12කින් යුත් ලිපියක් භාර දුන් බවත් එය තමන් සතුව වන බවත් විශාකා විදුහලේ විදුහල්පතිවරිය කියා සිටියි.

කෙසේ වුවත් විශාකා විදුහලේ විදුහල්පතිවරියට හිතෛෂී ගුරුවරියක් පාසැලට අනියුක්ත කර ගැනීමේ අභිලාෂයෙන් තමන්ට ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්වන ලෙසට බලපෑම් එල්ල වූ බව මෙම සිදුවීමට මුහුණ පෑ ගුරුවරියගේ පාර්ශවයෙන් චෝදනා කර තිබේ.



'නෙත් නිව්ස්' අනාවරණය

විශාකා විදුහලේ වත්මන් විදුහල්පතිවරියගේ පත්වීම සම්බන්ධයෙන් 'නෙත් නිව්ස්' ගුවන් විදුලිය විසින් මිට පෙර අවස්ථා රැසකදී කරුණු හෙළිදරව් කර තිබිණ.

ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරනු ලබන මහාචාර්ය කපිල සි. පෙරේරා ගේ අවශ්‍යතාවය මත විශාකා විදුහලේ නව විදුහල්ප්තිවරිය ලෙස පත්වීම් ලැබූ මෙම විදුහල්පතිවරිය ජාතික පාසැලක තනතුරු දැරීමට තරම් ප්‍රමාණවත් අත්දැකීම නොමැති අයෙකු බව සඳහන් කරමිනි.


ජාතික පාසැලක තනතුරු දැරීමට තරම් ප්‍රමාණවත් අත්දැකීම නොමැති වත්මන් විදුහල්පතිනිය එම තනතුරට පත්කිරීමට කටයුතු කර ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක ප්‍රධානි මේජර් නෙවිල් ගේ බලපෑම් මත බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි. ඒ අනුව ජාතික පාසල් අධ්‍යක්ෂ මේජර් නෙවිල් දැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ඇතැමුන් ප්‍රශ්නකර සිටියි.


(උපුටා ගැනීම් - නෙත් එෆ් එම් )

 


The Leader TV අද වීඩියෝ 

බැසිල් තමයි සර් කෑවේ! | සර්ගේ දැනගැනීම පිණිසයි! | The Leader TV 

සජබ ඇතුළෙ කැරළි එළියට! | අද ගොසිප් එක | The Leader TV

මී ගොං වස්සෙක් ගෙන් ආදර්ශයක් ! | මොණරවිලගේ ලියමන

රනිල් ගැන සමාජ කියවීම කෲර ධනවාදියෙක් කියලයි - පාඨලී චම්පික රණවක | Direct Politics

නාමල් බේබිට සිරිසඟබෝ ගහලා! | අද ගොසිප් එක

 

Leader Whats app


 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්