ලංකාණ්ඩුවේ ඒකීය රාජ්‍ය ව්‍යවස්ථාව වෙනුවට පෙඩරල් ව්‍යවස්ථාවක් සම්පාදනයට

බලපෑම් කරන ලෙස උතුරේ දේශපාලන පක්‍ෂයක් ඉන්දියාවෙන් ඉල්ලා තිබේ.

''දැනට ක්‍රියාත්මක හා ආණ්ඩුව ගෙන එනවා යැයි කියන ඒකීය රාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවා දෙමළ දේශය පිළිගන්නා ෆෙඩරල් ව්‍යවස්ථාවක් වෙනුවෙන් ඉන්දියාව විසින් ලංකා ආණ්ඩුවට බලපෑමක් කළ යුතුයි,'' යැයි දෙමළ ජාතික ජනතා පෙරමුණ ඉන්දීය විදේශ ඇමැති වරයාගෙන් ඉල්ලා සිටියි.

කොළඹ පැවැත්වෙන පස්වැනි '`බිම්ස්ටෙක්'සමුළුවට සහභාගිවීමට දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ඇමැති සුබ්‍රමානියම් ජෙයශන්කර් වෙත ලිපියක් යොමු කරමින් දෙමළ ජාතික ජනතා පෙරමුණ මේ ගැන අවධාරණය කර ඇත.

''1987 දී ගෙනා 13 ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ දින පටන්ම දෙමළ ජනයාගේ ජාතික ප්‍රශ්නයට විසදුමක් නොවූ බැවින් එය ජනතාව අතර ප්‍රතික්ෂේප වෙමින් තිබිණි.''


TNPF නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හා එහි ප්‍රධාන ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන්ගේ අත්සනින් යුත් ලිපියේ සඳහන් වෙන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලංකා පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ඉදිරිපත් කළ විට එය වලක්වන ලෙස ඉල්ලා දෙමළ පාර්ශව විසින් එවකට සිටී ඉන්දීය අගමැති රජිව් ගාන්ධිගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවයි.




''එසේ සම්මත වීම නවත්වන ලෙස ඉල්ලීමට හේතුවී ඇත්තේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය දෙමළ ජනයාට විසදුමක් නොවන බැවිනි. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වුයේ 13  දෙමළ ජාතික ප්‍රශ්නයට විසදුම් සොයන ඇරඹුමක් ලෙස පැවසීමෙනි.''

ඉන්දීය විදේශ ඇමතිවරයා වෙත යොමු කළ මෙම ලිපියේ දැක්වෙන්නේ ඉන්දියාවේ මැදිහත්වීමෙන් ස්ථාපිත කරනු ලැබූ උතුරු නැගෙනහිර පළාත් සභාවේ බලය දෙමළ පාර්ශව විසින් ලබා ගත්තද ඉන් කිසිදු දෙයක් ඔවුන්ට කර ගත නොහැකි වූ බවයි.

එම නිසා දෙමළ ජාතික ජනතා පෙරමුණ ඉන්දියාවෙන් ඉල්ලා සිටින්නේ ''13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත දමා ෆෙඩරල් අයිතිය සහතික කරන ව්‍යවස්ථාවක්'' වෙනුවෙන් ලංකා ආණ්ඩුවට බලපෑම් කරන ලෙසයි.

කෙසේ වෙතත්, TNPF නායකත්වය ලංකාවේදී මුණ නොගැසුනු ඉන්දීය විදේශ අමාත්‍යවරයා දෙමළ ජාතික සන්ධාන නායකත්වය මුණගැසී  යෝජනා කර තිබුනේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙසට ආණ්ඩුවට දිගින් දිගටම බලපෑම් කරන ලෙසයි. 

 

 


The Leader TV අද වීඩියෝ 

බැසිල් තමයි සර් කෑවේ! | සර්ගේ දැනගැනීම පිණිසයි! | The Leader TV 

සජබ ඇතුළෙ කැරළි එළියට! | අද ගොසිප් එක | The Leader TV

මී ගොං වස්සෙක් ගෙන් ආදර්ශයක් ! | මොණරවිලගේ ලියමන

රනිල් ගැන සමාජ කියවීම කෲර ධනවාදියෙක් කියලයි - පාඨලී චම්පික රණවක | Direct Politics

නාමල් බේබිට සිරිසඟබෝ ගහලා! | අද ගොසිප් එක

 

Leader Whats app


 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්