අත්‍යාවශ්‍ය ඖෂධ හා ආම්පන්න හිඟයක් පිළිබඳ අනතුරු අඟවා තිබියදීත් ඒ සම්බන්ධයෙන්

බලධාරීන් කල් ඇතිව පියවර නොගැනීම නිසා දිවයිනේ ප්‍රධානතම රජයේ රෝහල් කිහිපයක්ම අත්‍යාවශ්‍ය සේවා ඇණ හිටීමේ අවදානමට මුහුණ පා සිටී.

ඒ පිළිබඳ විශ්වසනීය තොරතුරු හෙළිවී ඇත්තේ ඉන්දීය රාජ දූතයකු මැදිහත් වී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ එදිනෙදා ශල්‍යකර්ම නවතා දැමීමට සිදුවීම වැලක්වීමට පියවර ගැනීමත් සමගය.

පේරාදෙණියේ ශල්‍යකර්ම අත්හිටුවීම කුමන්ත්‍රණයක් ලෙසින් රජය විසින් හෙලා දැක තිබුණි.

ජනමාධ්‍ය ආයතන වෙත ලැබු ඇති ලියකියවිලිවලට අනුව කොළඹ ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල හා පේරාදෙණිය ශික්ෂණ රෝහල මේ වනවිට ශල්‍යකර්ම හා පරීක්ෂණ සීමා කර තිබේ.

ghh

දිවයිනේ ප්‍රමුඛතම සුව සේවා සංගමයක් පවසන්නේ රෝහල් රැසක අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාල ප්‍රතිපාදන සපයා ගැනීමට නොහැකිවීම, ණය නොගෙවීම හේතුවෙන් පෞද්ගලික සමාගම් විසින් සැපයුම් අත් හිටුවීම හා අත්‍යාවශ්‍ය ඖෂධ හිඟ වීම හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිකාර හා පරීක්ෂණ සිදු කිරීමට නොහැකි වී ඇති බවයි.



මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල බලධාරීන්ගෙන් නිසි උපදේශයක් පවා නොලැබීම නිසා ඇතැම් රෝහල් අධ්‍යක්ෂ වරුන්ට සේවා සීමා කිරීම හා ශල්‍ය කර්ම නැවැත්වීම සඳහා උපදෙස් දීමට බල කෙරී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් අවධාරණය කරයි.



මාර්තු 29 වැනිදා ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා එම රෝහලේ බලධාරීන්ට නියෝග කර ඇත්තේ ප්‍රතික්‍රීයක (reagents)  හිඟ නිසා පරීක්ෂණ සීමා කරන ලෙසයි.

"වර්තමාන මුල්‍ය අර්බුදය නිසා ශ්‍රී ලංකා ජාතික රෝහලේ ප්‍රතික්‍රීයක (reagents) සැපයුමට බාධා පැමිණ තිබේ. නැවත දැනුම් දෙන තුරු ඔබේ අදාළ ඒකකවල එදිනෙදා පරීක්ෂණ සීමා කරන ලෙස උපදෙස් දෙන්න," යයි වෛද්‍ය සමිද්ධි සමරකෝන් මාර්තු 29 දින යවන ලද ලිපියකින් නිර්දේශ කර තිබේ.



මීට මාස කිහිපයකට පෙර ඉතා හොදින් වැඩකරන තත්වයේ පැවැති රසායනාගාර උපකරණ රැසක් ඉවත දමා විශාල මුදලක් වියදම් කරමින් නව උපකරණ සවි කිරීම ජාතික රෝහල මුහුණ පා සිටින අර්බුදයට මග පෑදූ ආකාරයත් රවී කුමුදේශ් වෘත්තියවේදියා පෙන්වා දෙයි.




"ශ්‍රී ලංකා ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරිය පරීක්ෂණ සීමා කරන ලෙස නියෝග කිරීමට දෙවරක් නොසිතුවද, මීට මාස කිහිපයකට පෙර ඉතා හොදින් වැඩකරන තත්වයේ රසායනාගාර උපකරන රැසක් ඉවත දමමින්, බිලියන ගණනක වටිනා නව උපකරණ සවි කරනලද අතර, එම නව උපකරණ හේතුවෙන් එක් පරීක්ෂණයක් සදහා වැය වන මුදල තෙගුණයකින් පමණ වැඩි වූ අතර, ප්‍රතික්‍රීයක බිල විශාල ලෙස ඉහල යෑමට එය විශාල හේතුවක් විය. මෙවන් මුදල් අර්බුදයක් හමූවේ එවන් වැරදි තීරණ ගනු නොලැබුවේ නම්, දැනට නාස්තිකර ඇති මුදලින් පමණක් ගැටලුවකින් තොරව රෝගී පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව තිබුණී."

මේ පිළිබදව සෞඛ්‍ය ලේකම් වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය කෙතරම් දැනුවත් කළද ඒ පිළිබදව විධිමත් විමර්ශනයක් හෝ සිදු නොකළ බවටත් රවී කුමුදේශ් චෝදනා කරයි.

අවම වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවතින යතාර්ථය  සැගවීම හා දේශපාලන රැකවරණය වෙනුවට, පවතින සැබෑ තත්වය හෙලි දරව් කරමින්, වඩා සුදුසු කළමනාකරණ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ඉදිරිපත් නොවී,  දීර්ඝ කාලයක් තිස්සේ අනතුර දැක දැක මග හැර සිටීම, පවතින අර්බුදය දෙගුණ, තෙගුණ කිරීමට හේතු වු බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් වැඩි දුරටත් පවසන්නේ.



කරාපිටියේ  ශල්‍යකර්ම නවතී

කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ වරයාද මාර්තු 29 වැනිදාම යවන ලිපියකින් සියළුම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් වෙත නියෝග කර තිබුනේ ජීවිත අවදානමක් නොමැති ශල්‍යකර්ම සම්පුර්ණයෙන්ම තාවකාලිකව නවතා දමන ලෙසයි.

"නිර්වින්දන වෛද්‍ය කටයුතු සදහා භාවිත වන Neostigmin ඖෂධයේ තොග තත්වය සීමාකාරී වී ඇති බැවින් තොග තත්වය යහපත් වන තුරු ඉහත ඖෂධය අවශ්‍ය විය හැකි ජීවිත අවධානමක් නොමැති ශල්‍යකර්ම සම්පුර්ණයෙන්ම තාවකාලිකව නවතා දමන ලෙස කාරුණිකව දන්වමි," යි එහි වැඩි දුරටත් සඳහන්ව තිබුනි.



පේරාදෙනියේ තිරණය රිවස්

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් මාර්තු 28 චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී තිබුනේ  රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ හා ආම්පන්න හිඟයක් හේතුවෙන්  සියලුම එදිනෙදා ශල්‍යකර්ම අත් හිටුවීමට එදිනම තීරණය කළ බවයි.

" ඒ අනුව නැවත දැනුම් දෙන තුරු  (දැනට රෝහල් ගත කොට සිටින්නන්ගේද ඇතුළුව) සියලුම එදිනෙදා ශල්‍යකර්ම අදම අත් හිටුවීමට තීරණය කරන ලදී," යි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනයකට පිටපතක්ද සහිතව වෛද්‍ය එච් එම් අර්ජුන තිලකරත්න විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ දැක්වේ.

ඒ පිළිබදව තමන් කම්පාවට පත්ව සිටින බව පවසන  දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් ඉන්දීය ආධාර ලබා ගැනීමට මැදිහත් වන බව දැනුම් දී තිබුනි.



"මේ ප්‍රවෘත්තිය දැකීමෙන් කම්පාවට පත්ව සිටිමි. ඉන්දියාවේ උපකාරය ලබා දිය හැක්කේ කෙසේදැයි සාකච්ඡා කරන ලෙස මහ කොමසාරිස් බග්ලේ ගෙන් ඉල්ලා සිටින්නෙමි," යි විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශන්කර් සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබේ.



ඉන් අනතුරුව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති හා වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම් ඩී ළමාවංශ අමතා එදිනෙදා ශල්‍යකර්ම සහ සහ සැලසුම්ගත ශල්‍යකර්ම නොනවත්වා කරගෙන යාමට අවශ්‍ය ඖෂධ සම්බන්ධයෙන් කරුණු විමසා තිබේ.

ටික පසුව මාර්තු 29 වැනිදා යලිත් නිවේදනයක් නිකුත් කරමින් වෛද්‍ය එච් එම් අර්ජුන තිලකරත්න දැනුම් දී තිබුනේ ශල්‍යකර්ම අත් හිටුවීමට ගත් තිරණය  අත්හිටුවා ඇති බවය.

රෝහලේ සිදුකරන ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබාදීමට වෛද්‍ය සැපයුම් අංශය පොරොන්දු වු බැවින් දෛනික ශල්‍යකර්ම තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කළ බව  එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.


ඇමැති ප්‍රතිචාරය

ghfghikl

ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මාර්තු 29 වැනිදා මාධ්‍යට පවසා තිබුනේ පේරාදෙණිය රෝහලේ ශල්‍යකර්ම නැවැත්වීමට කටයුතු කිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස බැලු බැල්මට පෙනී යන බවයි.

පේරාදෙණිය රෝහලේ ශල්‍යකර්ම නැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ නියොස්ටිග්මින් නමැති ඖෂධය වෛද්‍ය සැපයුම් ඒකකයේ තිබෙන නමුත් කිසිදු අවස්ථාවක ඔවුන් එම ඖෂධය ලබා ගැනීමට කටයුතු කර නොමැති බවට පෙරලා චෝදනා කර තිබේ.

එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙසින් හඳුන්වමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් නිවේදනය කර ඇත.


නියොස්ටිග්මින් නමැති ඖෂධය වෛද්‍ය සැපයුම් ඒකකයේ තිබෙන බව ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවද කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ වරයාත්  ජීවිත අවදානමක් නොමැති ශල්‍යකර්ම සම්පුර්ණයෙන්ම තාවකාලිකව නතර කිරීමට හේතු ලෙස මාර්තු 29 වැනිදා සියළුම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් වෙත දැනුම් දී තිබුනේ එම ඖෂධයේ තොගයේ පවත්නා හිඟයයි.

 

 

 


The Leader TV අද වීඩියෝ 

බැසිල් තමයි සර් කෑවේ! | සර්ගේ දැනගැනීම පිණිසයි! | The Leader TV 

සජබ ඇතුළෙ කැරළි එළියට! | අද ගොසිප් එක | The Leader TV

මී ගොං වස්සෙක් ගෙන් ආදර්ශයක් ! | මොණරවිලගේ ලියමන

රනිල් ගැන සමාජ කියවීම කෲර ධනවාදියෙක් කියලයි - පාඨලී චම්පික රණවක | Direct Politics

නාමල් බේබිට සිරිසඟබෝ ගහලා! | අද ගොසිප් එක

 

Leader Whats app


 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්