මොහොතින් මොහොත බිඳ වැටෙමින් තිබෙන ආර්ථිකය හමුවේ දිවි සරි කරගැනීමට ඉන්දියාවට පළා එන ජනයාට රැකවරණ සලසන ලෙස තමිල්නාඩු මහ

ඇමැති වෙත ඉල්ලීමක් යොමු කොට තිබේ.

''තත්පරෙන් තත්පරේට ඉහල යන ආහාර මිල නිසා ලංකාවේ ජිවත් වෙන්න බැරි තත්වය නිසාත්, රැකියාවක් කරගෙන තමන්ගේ දරුවන්ට නිසි කෑමක් ලබා දෙන්න බැරි නිසා බොහෝ දෙනා ලඟම තියෙන තමිල්නාඩුවට යනවා,''යැයි  තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් පවසයි.

තමිල්නාඩු මහ ඇමැති එම්.කේ.ස්ටාලින් වෙත ලිපියක් යොමු කර ටෙලෝ නායකයා ඉල්ලා සිටින්නේ මෙරටින් පළා එන ඥාතීන් ගැන සොයා බලා උපකාර කරන ලෙසයි.

 

''එදා වේල හම්බු කරගෙන කන මිනිස්සු බඩගින්නේ ඉන්න තත්වයක් මෙහෙ තියෙන්නේ. දරුවන්ට කන්න දෙන්න බැරි නම් ලංකාවේ බඩගින්නේ මැරෙනවට වඩා ලඟම තියෙන ඉන්දියාවට යන එක වලක්වන්න බැහැ.''

 

''නීති විරෝධී ලෙස හරි ඉන්දියාවට ගිහින් දරුවන් ජිවත් කරන්නයි අම්මලා තාත්තලා කල්පනා කරන්නේ.''

ටෙලෝ නායක සෙල්වම්  තමිල්නාඩු මහ ඇමැති ස්ටාලින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙසේ පැමිණෙන දෙමළ ජනයා අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කර, විශේෂ කඳවුරු වල රැඳවීම නොකරන ලෙසයි.

''ලංකාවෙන් ඉන්දියාට එන දෙමළ අනාථයන්ව නීතිමය පියවර නොගෙන ජනතාව ඉන්න සාමාන්‍ය එළිමහන් කඳවුරු වල හෝ ජිවත් වන්නට ඉඩ දෙන්න,'' යි ඔහු තමිල් නාඩු මහ ඇමැතිගෙන් ඉල්ලා තිබේ.

මේ අතර ලංකාවේ ආර්ථික අර්බුදය නිසා, අනුමැතියකින් තොරව ඉන්දියාවට පැමිණි පිරිස් මනුෂත්වයේ නාමයෙන්, ආරක්ෂා සහිතව රාමේශ්වරම්  මණ්ඩපම් කඳවුරේ සිටින බව තමිල්නාඩු ප්‍රාන්ත රජයේ අමාත්‍ය සෙන්දින් මස්තාන් ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබේ. 

 
 
logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය